
(ඩයනා උදයංගනී)
කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
මෙය ආරක්‍ෂක අංශවල ද සහයෝගය ලබාගෙන ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද උපදෙස් දී ඇතැයි කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එය සියයට 95ක් පමණ මුල් තත්ත්වයට ගෙනඒමට හැකි බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් එම කාර්යය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද හෙතෙම කීවේය.
බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිවරයා විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයා ද වන සෙනරත් දිසානායක මහතා පැවසුවේ එම කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපයේදී අගමැතිවරයාට භාරදෙන බවත් ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් අගමැතිවරයා නියෝග කළ පරිදි 23 වැනිදා එය භාරදීම අසීරු බවත්ය
අවසන් වාර්තාව සකස් කිරීමට තවත් කරුණු සෙවිය යුතු බව ද හෙතෙම කීවේය.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ එම දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘බුවනෙක හෝටලය’ නමින් හඳුන්වා ඇති මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලිය යුතු බව කී සෙනරත් දිසානායක මහතා මෙය කුරුණෑගල රජ කළ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව ජනප්‍රවාදයේ තිබුණත් ඒ සම්බන්ධයෙන් මහවංශයේ හෝ වෙනත් ලිඛිත මූලාශ්‍රවල සඳහන්ව නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
95%ක් විනාශ වෙලා තියෙන එක කොහොමද 95% ක් මුල් තත්වයට ගෙන එන්නේ? අනික ඕක ඡන්දෙ ඉවර වුණාම ජොනිගේ තැබෑරුමක් දාන්න ගනීවි... ඡන්දෙ කාලෙ වැඩ කරනවා පෙන්වන්න වුවමනාවෙන්ම කඩපු බව තමයි පේන්නේ... සිහි බුද්ධියෙන් බලන අයට..
ආණ්ඩුව කඩනවා පිස්සන් වගේ. ජනතාවගේ සල්ලිවලින් ආයේ හදනවා. නියම වැඩේ. වැරැදි කාරයෝ ජොලි කරනවා.
අනේ හපොයි, අපි රැවටුණා. මේ අයටත් ආයේ ඡන්දෙ දෙනවද?
කුරුටු ගැහුවට හිරේ දැම්ම අර දෙමළ ළමයා.... මෙයා අපේ කෙනෙක් හින්දා නීතිය නැවුණා..
හදන අය කරගන්න ඕනේ කඩපු මනුස්සයාගෙන්.., හමුදාවේ ඉන්නේ හොරු කඩන ඒවා හදන්නවත්, පොහොට්ටු බයියන්ට ආවතේව කරන්නවත් නොවේ. රට ආරක්ෂා කරන්න. මේ අයට ඡන්දෙ දුන්නොත් නිදහස් චත්‍රරස්‍රයත් ඩෝසර් කරාවි හෝටල් හදන්න.
කෝ දැන් කඩපු කට්ටියට මොකද වෙන්නේ? පොඩි මිනිහෙක් කළා නම් මේ වෙනකොටත් හිරේ...
සියලු දෙනාම දැනගනිත්වා.. ඡන්දෙකාලෙට මාතෘකා හැමට පිළිතුරු සැපයීම හා ගැටලු විසඳීමත් විග්‍රහ කිරීමත් ඒ අයගේ අලුත්ම ප්‍රවණතාවයයි. වියත් මග කතාකරන දේවල් ඕනෙ නේද?
මේ තරම් වටිනා රාජසභාවේ හෝටල් දාන්න දුන්නේ කවුද?
ජොනියා කීවා වගේම කාලා ඉන්න හිතෙන රටක්... 69 ලක්ෂයක් ජනතාවගේ පැතුම වෙයිද?
2/3 ලබාදෙන්න ඉල්ලන්නේ මේ වගේ මුදලාලිලා රජකරවන්නද?
කෞතුකාගාරයට වැඩේ දුන්නු අයට ඕවා සමතලා කරන එක පොඩි දෙයක්... ඕකේන් මොකක් හරි ගන්න වෙන්න ඕනෑ කැඩුවේ. නිකන් කරා වෙන්න බෑනේ.. දැන් ඉතින් හදනවා..
ප්‍රතිසංස්කරණය කරන්න කලින් මේක කඩා බිඳ දැමූ නරුමයින්ට දඬුවම් කළේ නැහැ නේද..? මේවා කාට කියන්නද? පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් දේශපාලන අණට කීකරු සුවච කීකරු ගෝලයෙක් වගෙයි පේන්නේ.. නහයට ලණුව දමා දක්කන්න පුළුවන් උගතුන්ගෙන් වැඩක් නෑ. එවැනි අය නූගතුන්ට වඩා හානිකර දේවල් තමයි කරන්නේ..
මොනවා? මේකට නම් මගේ කන් දෙකිනුත් ගින්දර පිටවුනා. අපේ ඉතිහාසය තනිකරම කන පිට හරවන මේ ආණ්ඩුව ගැන කිසි විශ්වාසයක් නැහැ. 2018 මහින්ද අගමැති වෙච්ච වෙලාවේ මේ නගරාධිපතිම කිව්වා මේ ඓතිහාසික රජ සභා මණ්ඩපය නගර සභාවට පවරා ගත්තා කියලා. මගේ කේන්තිය නිවුණාම මම ඒ ප්‍රවෘත්තිය මෙතන දානවා. මේක කඩලා තියෙන්නේ ගෝඨාභයගේ සහ මහින්දගේ ආණ්ඩුව කියලා මේ කතාවෙන් හොඳටම පේනවා. දවස් දෙකකට ඉස්සෙල්ලා කියපු දේ දැන් වෙනස් කරලා කියනවා. දැන් නම් මමත් කියනවා පොහොට්ටුවට 2/3 දෙන්න එපා කියලා. මේ ගොල්ලෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපේ ඇස ඉදිරිපිටම මෙහෙම දඩමස් කරනවා නම්, ඡන්දෙන් පස්සේ ඇමරිකාවට අනුරාධපුරේ ඓතිහාසික ඉඩම් ටික දීලා රට පාවා දෙන එක සුළු වැඩක්. මෙච්චර කල් මම විශ්වාස නොකළාට, රාජපක්ෂ මහත්තුරු අගෝස්තු ඡන්දෙන් පස්සේ MCC ගිවිසුම අත්සන් කරන්න පොරොන්දු වුණා කියලා ඇමරිකන් තානාපති කියන කතාවත් ඇත්ත...
ඇත්තටම මේ පුරාවිද්‍යාත්මක රාජසභා මණ්ඩපය දෙමල හෝ මුස්ලිම් පෞරාණික ගොඩනැගිල්ලක් ලෙස පිහිටා තිබුනා නම්, ඔවුන් දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බව ස්ථීරයි. මේ අමන සිංහල ජාතිය හැර ලොව සියලුම ජාතීන් ඔවුන්ගේ පුරා වස්තු ආරක්ෂා කරන්නේ දිවි හිමියෙන්. ඇත්තටම කියනවා නම්, මේ අවලම් පව්කාර ජාතියට මේ පින් බිම හොඳ වැඩියි. වර්තමානය වෙද්දී, රජවරුන්ගේ පැටිකිරිය ප්‍රසිද්ධියේ කියන්න තරම් මේ රටේ දේශපාලන නායකයින් අලජ්ජි වෙලා? නින්දිතයි,! ලැජ්ජයි!!
කවුරුහරි කියන්න මුහුදු මහා විහාරයද නැත්නම් බුවනක හෝටලයද වැඩියෙන් වටින්නේ කියලා.
ගණිකා මඩමක් කිවිවා, ගබ්සා මධ්‍යස්ථානයක් කිව්වා, හොර අරක්කු වික්ක තැනක් කිවිවා, කැඩුෙව් ඒ් හින්දා කිව්වා. දැන් ඉතින් හදන්නේ ඇයි.
ඔක්කොම එකයි.
මතක ද ජෝන් පාරක් කඩලා විනාශ කළා. මෙවර ජොනීගෙ ගෝලයින් රාජ සභා මණ්ඩපය විනාශ කළා. දේශපාළු පිශාචයින් විනාශ කරන සම්පත් යලි ගොඩනැගීමට රටේ භාණ්ඩාගාරයේ මුදල් වැය කිරීම සුදුසු ද ? හානිය සිදු කළ පුද්ගලයින්ගේ දේපළ විකුණා එම වැය වන මුදල් සහ දඩ මුදලක් අය කරගත යුතුය.
ප්‍රතිසංස්කරණය කතාවක් නොවෙයි අපි අහන්නේ. පුරාවස්තුවක් ලෙස සලකු මේ ගොඩනැගිල්ල විනාශ කරපු අය අත්අඩංගුවට ගන්න බැරි හේතුව කුමක්ද...?
අපූරුයි වැඩේ. හමුදාව යොදවලා ආයි හදන්නෙ නගරාදිපතිගෙ සල්ලිවලින්ද? කෝ කඩපු අය හොයලා දඩුවම් දෙන්නෙ නැද්ද.
මින්පස්සේ කඩන්නේ මොකක්ද.?
ලක්ෂ 69 බයියන්ට අබසරණයි.
මේ වැඩ නිසා මහජන මුදල් නේද නාස්ති වෙන්නේ.
මේකටත් දිස්ලයික් දාපු අය ඉන්නවා කියන්නේ ලංකාවේ ඉන්න වහල්ලුන්ගේ තරම පේනවා නෙහ්...
අපගේ ගෞරවය නැවත රජ සභා මණ්ඩපය ගොඩ නැගීම ගැන.
ජනාධිපතිතුමාව විනාශ කරනවා මේ මිනිස්සු...
ඡන්දේ කාලෙට පරන දේවල් අමතකවෙන්ඩ පොඩි ආතල් එකක්දීලා තිනේනෙ. කොහොමත් අපිට මොකක්හරි එකක එල්ලිලා ආතල් එකක්නේ ගන්ඩ ඕනි. ( නැත්තම් මේ වගේ225 ක් තේරෙයිද) මේකත් සතියයි. ආයත් හුරේ තියයි ජයව්වා කිය කිය
රාජසභාව හැදුවේ ඉතිහාසයේ උන්න රජ කෙනෙක්. ඒක මේ පාර කඩල දැම්මේ වර්ථමානයේ රජ කෙනෙක් විදියට වැජඹෙන කෙනෙක් සහ ඔහුගේ ගෝලයෝ. රජවරුන්ට කොහොමත් පුරවැසියන්ට බලපාන නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතින් ගෙදරින් පෑනක් අරන් ගිහින් තුනෙන් දෙකක්ම අරන් තව පාරක් රජ වෙන්න ඡන්දයක් දෙන්න...
පුරාවිද්‍යා චක්‍රවර්තීලා කෝ මහා නායක හාමුදුරුවන්ට පේන්නේ නැතිද.?
අපි මහ ධීන ජාතියක්.
ඔබ කුරුණෑගල ඡන්දේ දෙනවානම් උගත් කමක් තිබෙන, හොරකම් මැරකම් අඩුවෙන්ම කරපු කෙනෙක් බලලා මනාපේ ගහන්න.
කුරුණෑගල නගරාධිපති දැන් කියන්නේ තනිකර බොරු.
කවුරුහරි ලනුවක් දුන්නාවත්ද.?
මහ රජානෝ කුරුණෑගලින් ඡන්දෙට එනවලු. ආවට පස්සේ මොනවාහරි කරයි.
අගමැතිතුමා කිව්වා කියන මේ ඉතිහාස කතාව වැරදියි. "මේ ගොඩනැගිල්ලක් කැඩුවා කියනවා. මේක හදපු බුවනෙකබාහු රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවක් බැඳලා ඉඳල තියෙන්නේ." මුස්ලිම් කාන්තාවගේ කතාව අදාළ වෙන්නේ යාපහුව රාජධානිය කරගත්ත පලවෙනි බුවනෙකබාහු රජුට. ඔහුගේ බිසවට (රන් දෝලියට) කාලයක්ම දරුවන් ඉඳලා නැහැ. පස්සේ තමයි මුස්ලිම් කාන්තාවක් මගදී හම්බ වුණා කියන්නේ. මේ කාන්තාවට රජුගෙන් දරුවෙක් ලැබෙන්න හිටපු හින්දා ඇයට (යකඩ දෝලිය විදිහට) රජ මාලිගයේ ඉන්න දීලා තියෙනවා. පස්සේ කාලෙක පලවෙනි බුවනෙකබාහු රජු යුද්ධයකට යනකොට රජුගේ සිංහල බිසවට (රන් දෝලියට) දරුවෙක් ලැබෙන්න ඉඳලා. ඔහු යුද්ධය දිනලා එනකොට කළු කොඩියක් පෙන්නලා කරපු විහිළුව හින්දා සිංහල බිසව සහ ඇගේ පරිවාර කාන්තාවන් ගලෙන් පැනලා මැරුණා. රජ බිසව මැරුණු බව දැකපු රජ වාසල රෙදි හෝදන කාන්තාව, රාජ කුමරයාවයි, ඔහුගේ රාජකීයත්වය පෙන්වන්න රන් හවඩියකුයි අරගෙන රජ මාලිගයෙන් පිටවෙලා ගිහින් ගොවි පවුලකට දීලා රහසේ හදාගන්න. ඔහු තමයි පසු කාලෙක දෙවෙනි බුවනෙකබාහු නමින් රජ වෙන්නේ. මුස්ලිම් යකඩ දෝලියගේ පුතාට රජ වෙන්න ලැබුනේ නැහැ. මේ කුමාරයෙක් ගැන කියන්නේ නිකාය සංග්‍රහය විතරයි. මහාවංශයේ හෝ චුලවංශයේ නැහැ...
අපි බලාගෙන ඉන්නවා කුරුණෑගල බුද්ධිමත් ජනතාව දිහා... මේ කළ වැඩේ හරිද? වැරැදිද? කියා 05 වැනිදාට දෙන ප්‍රතිචාරය කොහොමද කියලා බලන්නකෝ...
අනේ අපි කෝවිඩ් අරමුදලට දුන්න සල්ලි..? ආණ්ඩුව හොඳට සල්ලි තියෙන නිසානේ කඩලා හදන්නේ...