
( ජයන්ත සමරකෝන් )
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝනයේ රැඳවියන් 27 දෙනකුට දිවා ආහාර රැගෙන ගිය භාජනයක තිබී අගල් 6 ක් පමණ දිග උල් පිහියක් අද (21) දහවල් හමු වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයේ රැගෙන ගොස් ඇති මෙම ආහාර භාජනයට උල් පිහියක් පැමිණියේ කේසද යන්න බරපතල ගැටලුවක් බව බන්ධනාගාර ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම පිහිය විරුද්ධවාදී පාතාල කණ්ඩායමේ සාමාජිකයෙක් අතට පත් වුයේ නම් විශාල විනාශයක් සිදු වීමටද ඉඩ තිබු බවද ඔහු සඳහන් කළේය.
පාතාල සාමාජිකයෝ 27 දෙනකු තනි සිර කුටියක රඳවා සිටීමද මෙහි විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දැම්මත් මේ අයගෙන් තිබෙන්නේ සුලුපටු කරදරයක් නොවේ. මේ අයව එල්ලීම හැර වෙන විකල්පයක් නොමැත.
බන්ධනාගාර සේවකයෝ මුදල් ඉදිරියේ නොකරන දෙයක් නැහැ වගේ...
මේ අය එකිනෙකා මරාගෙන හරි විනාශ වෙනවා නම් ඒක සමාජයට සිදුවන විශාල යහපතක්...
ජෙලර්ලාට පාන් කපන්න වෙන්න ඇති.