මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 17 November 2019
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. 17 November 2019
පාන් මිල රුපියල් 5 කින් ඉහළට තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 17 November 2019
‘දෙමළ ඡන්ද එක්ක සෙල්ලම් කළ අයට ජනපතිවරණයෙන් පිළිතුරු ලැබුණා’ දෙමළ ජනතාව තුළ වැරදි චිත්‍රයක් මවමින් දෙමළ ජනතාවගේ ඡන්ද සමගින් සෙල්ලම් කළ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන බලවේග වලට මෙවර ජනපතිවරණයෙන් නිසි පිළිතුරු ලැබී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පවසයි. 17 November 2019
‘ආරක්ෂිත රටක් ගොඩනගන්න ගෝඨාභය කටයුතු කරාවි’ සියලුම දෙනාට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි ආරක්ෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරනු ඇති බවත් ඒ සඳහා සියලුම දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාකය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පැවැසීය. 17 November 2019
අජිත් පී පෙරේරාත් ඉල්ලා අස්වෙයි ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. 17 November 2019
මංගලත් ඇමැතිකම දමා යන්න යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. 17 November 2019
දිවුරුම් දීම හෙට අනුරාධපුරයේ ජයග්‍රහණය කිරිමට ආසන්නව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) උදෑසන අනුරාධපූර නගරයේ දී දිවුරුම් දීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි. 17 November 2019
මෝදිගෙන් ගෝඨාට සුබ පැතුම් 2019 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරා ආසන්න වෙමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් පිරිනමමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. 17 November 2019
හරීන් ඇමැති තනතුරු අතහැර යයි මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (17 වැනිදා) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි. 17 November 2019
බණ්ඩාර කොස්වත්තේ සිද්ධිය මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් නොවේ වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වෙළඳසැළකට පහරදුන්නැයි කියන සිද්ධිය, මැතිවරණයට අදාළ නොවන පෞද්ගලික ආරවුලක් යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 17 November 2019
සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් වෙයි 2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 17 November 2019
ගෝඨාභයට විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 50.68%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. 17 November 2019
තමන්කඩුව ප්‍රා. සබේ මන්ත්‍රී අත්අඩංගුවට ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකා 550 ක ප්‍රමාණයක් සමඟ පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු පොළොන්නරුව නවනගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 November 2019
සියලු මැතිවරණ වලදී ඡන්දය දුන් අබේවර්ධන යුවළ වඳුරඹ ඉහල ලේල්වල අභය නිවෙසේ වාසය කරන ඇල්බට් අබේවර්ධන මහතා ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී ඡන්දය භාවිතා කළ අයෙකි. මේ වන විට වයස අවුරුදු 105 ක් වන අබේවර්ධන මහතා සියලුම මැතිවරණ වලදී තම බිරිද සමග ජන්දය ලබාදී ඇත. 17 November 2019
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා අඩුවෙයි මෙවර ජනාධිපතිවරණයේදී සිදුවූ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වසර 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 17 November 2019
අයිඑස් ත්රස්තයෝ කොංගෝ වැසියන් 15 ක් මරාදමති අයිඑස් සටන්කාමීන් විසින් කොංගෝවේ නැගෙනහිර මබාවු ප්‍රදේශයේදී පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 17 November 2019
දිස්ත්‍රික්ක තුනකට තද වැසි - ඡන්ද ප්‍රතිඵලත් ප්‍රමාද වේ කෑගල්ල, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්ක ඇතුළු පළාත් කීපයකට අද (16) සවස බලපෑ අධික වර්ෂාව නිසා ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒම යම් ප්‍රමාදයක් වී ඇතැයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. 17 November 2019
‘අත කොටා’ගේ ඥාතියෙක් තිදෙනෙකුට පහරදීලා ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කර නිවසට යමින් සිටි තිදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල නූරියවත්ත ප්‍රදේශයේ සිටි ප්‍රධාන පෙලේ දේශපාලකයකු වූ ‘අත කොටා’ තැමැත්තාගේ ඥාතියෙකු හා සමීපතමයෙකු අද (16) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 16 November 2019
‘‘ජනාධිපතිවරණය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළා‘‘ ජනාධිපවරණය නිදහස් හා සාධාරණව පැවැති අතර සමස්ත ක්‍රියාවලිය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළ බව පැෆරල් සංවිධානය කියයි. 16 November 2019
අගමැති මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි උතුරේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණේය. 16 November 2019
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීයි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව අවසන් වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (16) පස්වරුවේ පැවැසීය. 16 November 2019
ඡන්ද පෙට්ටි රැගෙන ගිය රියක් පෙරළෙයි හපුතලේ දඹේතැන්න දෙමළ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින් තිබූ වාහනයක් පෙරලීමෙන් එහි රියදුරු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 16 November 2019
මාර්ග බාධක යොදා තිබූ බවට වන ප්‍රචාරය අසත්‍යයක් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා තිබුණු බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් යැයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 16 November 2019
ගණන් කිරීම ඇරඹෙද්දී විදෙස් අවධානය වැඩිවෙයි ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට අවසන් විය. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වුවත් එහි උණුසුම එන්න එන්නම වැඩිවෙමින් තිබේ. ජනාධිපතිවරණයේ හොඳම සටන පැමිණෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමඟය. 16 November 2019
‘මට තිබූ අසීමිත බලතල මා පාර්ලිමේන්තුවට පවරා දුන්නා’ 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී මගේ ජයග්‍රහණය සඳහා හැට දෙලක්ෂයකට වැඩි ජනතාවක් මා වෙත ඡන්දය පාවිච්චි කළා. ඒ සියලුදෙනාට අද දවසේත් මගේ ගෞවරණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම 2015 ජනවාරි 08වනදා මා ජයග්‍රහණය කර ජනවාරි 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම්දීමෙන් දින කිහිපයකට පසු මහනුවර ඓතිහාසික උතුම් දළදා වහන්සේ අභියසදී මා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළා. ඇතැම්විට එය ඔබට මතක ඇති. ජාතිය අමතා මා ප්‍රකාශ කළා නැවත මා ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් 16 November 2019
ඡන්ද විමසීම අවසන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීම අද (16) පස්වරු පහෙන් අවසන් විය. 16 November 2019
පොහොට්ටුවේ ප්‍රා.මන්ත්‍රීට එරෙහිව එජාප මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් ඡන්ද දායකයන්ට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන දේ බිය වැද්දීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගෙන් පැමිණිල්ලක් ලැබුණු බව නාගොඩ පොලිසිය කියයි. 16 November 2019
ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් පුද්ගලයකු හික්කඩුවෙන් අල්ලයි හික්කඩුව දොඩංදූව රෝහණ විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය සළකුණු කර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි. 16 November 2019
මෝටර් රථයකින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට නිකවැරටිය ජයන්ති මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු සහ නවීන මෝටර් රථයක් අද (16) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි. 16 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026