මොරටුව තාක්ෂණ විද්‍යායතනයට නිසි බලධරයෙක් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කර ඇත. 05 January 2020
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රුපියල් මිලියන 58 ක් වටිනා රන් බිස්කට් 65 ක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පෝටර්වරයකු අද (5) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 January 2020
ඉරාකයේ අගනුවරට මෝටාර් - රොකට් ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන්” ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. 05 January 2020
බූස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අඩක්ම අසනීප නිවාඩු බූස්ස බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීන්ගෙන් අඩක් පමණ දින කිහිපයක සිට අසනීප නිවාඩු වාර්තා කර ඇති බැවින් බන්ධනාගාරයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිඑම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 05 January 2020
නීතිඥ සංගමය ස්විස් නිවේදනය හෙළා දකී ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ‘නිසි ක්‍රියාදාමය’ට ඇති කැපවීම ප්‍රශ්න කිරීමට තුඩු දුන් බව සඳහන් කරමින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉකුත් දා කර තිබූ නිවේදනය හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. 05 January 2020
ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති. 05 January 2020
වසා දමා ඇති බොරැල්ලේ කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට යයි ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ දැනට වසා දමා ඇති බොරැල්ල ශාඛාව යළි ආරම්භ කිරීමට වෘත්තිය පුහුණු අමාත්‍යංශ්‍ය පියවර ගෙන ඇත. 05 January 2020
මීගමුව-කටාන බල ප්‍රදේශවලට පැය 24 ක ජල කප්පාදුවක් මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදුවේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (6) පෙරවරු 9.00 සිට අනිද්දා (7) පෙරවරු 9.00 දක්වා පැය 24 ක් මීගමුව හා කටාන පළාත් පාලන ආයතන බලප්‍රදේශ වල පෙදෙස් ගණනාවක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 05 January 2020
ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලංකාවට ගෙන්වාගත යුතු බව සුමන්තිරන් කියයි සරණාගතභාවය මත ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නැවතත් මෙරටට ගෙන්වාගැනීම දෙමළ ජාතික සන්ධානයේ මතය යැයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ‘ලංකාදීප’ යට අද (5) පැවසීය. 05 January 2020
ඉරානයේ ස්ථාන 52කට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබේ. 05 January 2020
‘මොරගහකන්දේ කාන්දුව දින 10 කින් සම්පුර්ණයෙන් නැවැත්විය හැකියි’ මොරගහකන්ද ජලාශයේ වේල්ලේ හටගෙන තිබූ ජල කාන්දුව තව දින 10 ක් තුළ සම්පුර්ණයෙන් නවතා දැමිය හැකි බව කළුගඟ සහ මොරගහකන්ද ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩී.බී.විජේරත්න මහතා සඳහන් කළේය. 05 January 2020
ලැක්ටෝ වත්ත තුන්වන වරටත් රහසේ කැණීම් කරයි වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ තුන්වන වරටත් කැණිම් සිදුකිරීමත් සමග (04) පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 04 January 2020
ගුවන් අනතුරින් මියගිය සිව්දෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි බදුල්ල මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අද (04) සවස හපුතලේ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවා ඇතුළු නිලධාරීන් හතර දෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදුන් බව හපුතලේ පොලිසිය කියයි. 04 January 2020
හපුතලේ ගුවන් අනතුර ගැන පාර්ශව 6 කට නියෝග හපුතලේ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා පාර්ශව 6 කට නියෝග කර තිබේ. 04 January 2020
රංජන් රාමනායක අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. 04 January 2020
රංජන්ගේ නිවසින් බලපත් නොමැති පිස්තෝලයක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවට ලක්කළ පොලිස් කණ්ඩායමට බලපත්‍ර නොමැති නයින් එම්.එම්. වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 18ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. හා දෘඪ තැටි කීපයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 04 January 2020
දැරියට අමානුෂික ලෙස පහරදුන් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ් නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයෙන් 13 හැවිරිදි දරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ග්‍රාම නිලධාරිනිය ඇතුලු සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය අද (04) නියෝග කළාය. 04 January 2020
දැරියකට අමානුෂික ලෙස පහර දුන් ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම් නිකවැරටිය කොටවෙහෙරදි 13 හැවිරිදි දැරියකට අතින් පයින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොන්නැකුලම ග්‍රාම නිලධාරිනියගේ අද (4) වැඩ තහනම් කර ඇත. 04 January 2020
රංජන්ගේ නිවස සෝදිසි කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි. 04 January 2020
ගුවන් භටයන්ගේ මරණ පරීක්ෂණ බදුල්ලේදී හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහ රෝහලේදී අද (04) සිදුවෙමින් පවතින බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය. 04 January 2020
පොල්කොටයක් හිසට වැටී හිමිනමක් අපවත් වෙති බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරයේ විද්‍යානන්ද පිරිවනේ ඉගෙනුම ලබමින් සිටි හිමිනමක් අද (04) දින පන්සලේ ශ්‍රමදානයක නිරතව සිටියදී පොල් කොටයකට යටවී සිදුවු අනතුරකින් අපවත් වු බව පොලිසිය කියයි. 04 January 2020
අමෙරිකාවෙන් මැදපෙරදිගට තවත් අමතර සෙබළු 3000 ක් ඉරාන - අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 04 January 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට එකඟ වෙන්න බැහැ පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතියක් ලෙස ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය. 04 January 2020
බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට දහතුන් වියැති බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය පවසයි. 04 January 2020
සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 04 January 2020
ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ සැකකරු දැලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන පවසා පුද්ගලයකුගෙන් රුපියල් 24,000 ක් වංචා කළ පුද්ගලයකු ගම්පහ වීරගුල දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබීය. 03 January 2020
සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 03 January 2020
ගුවන් අනතුරින් මිය ගිය අයගේ සිරුරු බදුල්ල රෝහලට හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහල වෙත ගෙන ආ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය. 03 January 2020
ටිපර් රථයක් - බස් රථයක් එකිනෙක ගැටී 7 ක් රෝහලේ මහියංගන දළුකාන ප්‍රධාන මාර්ගයේ බතලයාය ගල් වැඩපොළ ආසන්නයේදී අද (03) සවස ටිපර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගිරාදුරුකෝට්ට පොලිසිය පැවසීය. 03 January 2020
පුළුන් කර්මාන්තශාලාව ගින්නක් සේදවත්ත කලුපාලම ප්‍රදේශයේ පුළුන් කර්මාන්ත ශාලවක මීට මද වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. 03 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026