
(ප්‍රියාණි මංගලිකා )
කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයේ යතුරු පැදියෙන් තම කුඩා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යමින් සිටි පුද්ගලයකුට අද(25) මාර්ගයේ සිටි දළ ඇතෙකු හමුවී ඇති අතර, ඔහු දරුවන් සමග දිව ගොස් දිවි බේරාගෙන ඇති බව වනජීවි නිලධාරීහු සඳහන් කරති.
ඔහු පෙරළා දමා ගිය යතුරු පැදියට දළ ඇතා පහර දී අලාභ හානි කර තිබිණි.
නුගන්නෝරුව පාසලට දරුවන් දෙදෙනා රැගෙන යමින් සිටියදී දළ ඇතා මාර්ගයේ වංගුවකදී මුහුණට මුහුණ හමුවී තිබිණි. වහා ක්‍රියාත්මක වූ පියා යතුරු පැදිය පෙරළා දමා, දරුවන් දෙදෙනා ද ඇදගෙන බොහෝ දුරක් දිවගොස් දිවි බේරා ගෙන ඇත.
මෙම දළ ඇතා අද දින රාත්‍රියේදී ප්‍රදේශයෙන් පලවා හැරීමට පියවර ගන්නා බව වනජීවි අංශ වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවා හරින්න... හැබැයි මරාදමන්න ඉඩ තියන්න එපා. සතුන්ගේ වාසස්ථාන බලෙන් අල්ලගන්න හදන එක නවත්වන්න. ගවමස් නොකෑවට කුකුල් මස් කන මිනිස්සුනේ මේ රටේ ඉන්නේ..
ප්‍රවාහනය සඳහා මේ ජනතාවට යුද්ධ ටැංකි ලබාදිය යුතුය..
අලින් මාර්ගයට පැමිණීමට ප්‍රධාන හේතුවක් නම්, පාරේ වාහන වලින් යන උදවිය මේ සතුන්ට කෑම දීමයි. මෙලෙස සතුන්ට ආහාර දුන් විට, ඔවුන් පුරුද්දට ආහාර සොයා මාර්ග වෙත පැමිණෙයි. එබැවින් දඩ ගසා හෝ වාහන වලින් යන උදවිය මේ සතුන්ට කෑම දීම වැළැක්විය යුතුයි.