
(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 17 වැනිදා රටපුරා විදුලිය විසන්ධිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අනිද්දා (26) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය.
එම වාර්තාව තමාට අද (24) පස්වරුවේ බාරදුන් බවද ඔහු සඳහන් කළේය.
විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව අමාත්‍යාංශයෙන් පත්කළ නමුත් එහි නව දෙනාගෙන් දෙදෙනෙකු හැර ඉතිරි හත් දෙනාම පිටස්තර අය බවද ඇමැති අලහප්පෙරුම මහතා පැවසීය.
එම වාර්තාව වෙනත් කමිටු වාර්තා මෙන් හමස් පෙට්ටියට නොයන වාර්තාවක් බව කී ඇමැති අලහප්පෙරුම මහතා එහි සඳහන් කිසිවක් ජනතාවට සඟවන්නේ නැති බවද සඳහන් කළේය.
මේ අතර විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයෙන් පත්කළ කමිටු වාර්තාවද හෙට (25) දිනයේ ලැබෙනු ඇතැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ කමිටු සෙල්ලම ඔන්න ඔයාලත් පටන් අරන්...
හොඳයි බලමුකෝ.