
ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන උසේන් බෝල්ට්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අමුත්තන් රැසක් ද පිරිවරා ගනිමින් සිය 34 වැනි උපන්දිනය සැමරීමෙන් දින කිහිපයකට පසු බෝල්ට් ට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලොව බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන බෝල්ට් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ජැමෙයිකාවේ ‘නේෂන්වයිඩ්90’ ගුවන් විදුලි සේවය වාර්තා කළේය.
බෝල්ට්ගේ උපන්දිනය පවත්වා ඇත්තේ පසුගිය සිකුරාදා වන අතර ඔහුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා දිනයේදී ය.
ඩේලිමේල් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවෙන් දුවලා බේරෙන්න බැහැ.
ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්.... ඉක්මන් සුවය පතනවා.