සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක් ලබන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. 03 January 2020
හෙරොයින් පැකට් 72ක් සමග යුවළක් අත්අඩංගුවට තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී සිටි යුවළක් අද(03) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම අපරාධ දූෂණ මර්ධන විශේෂ වැටලීම් ඒකකය කියයි. 03 January 2020
පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් සොයන්න කමිටුවක් යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය නිලධාරීන්ට වූ පළිගැනීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 03 January 2020
ඊශ්‍රායල් අගමැති සංචාරය නවත්වා ආපසු එයි ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ ඇති බව වාර්තා වේ. 03 January 2020
විදෙස් ඇමැති ජනවාරි 9-10දා ඉන්දියාවේ සංචාරයක විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. 03 January 2020
කෙහෙළිය - මහින්දානන්ද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෝ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව සිටිති. 03 January 2020
‘හමුදා ප්‍රධානියාගේ ඝාතනයට ඇමෙරිකාවෙන් පලිගන්නවා’ ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි. 03 January 2020
ගුවන් යානා අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය. 03 January 2020
රංජිත්ගෙන් හිස්වූ මන්ත්‍රී ධූරයේ වරුණ දිවුරුම් දෙයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා වරුණ ප්‍රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 03 January 2020
බැග්ඩෑඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක් - 8ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපළකට එල්ල වූ රොකට් තුවක්කු ප්‍රහාරයකින් පුද්ගලයන් 8දෙනෙකු අද(03) මිය ගොස් තිබේ. 03 January 2020
සජිත් විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය. 03 January 2020
‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත. 03 January 2020
‘රටේ ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් ව්‍යවස්ථාවේ වෙනසක් ඕනෑ‘ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. 03 January 2020
ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 03 January 2020
බාබර් සාප්පුවක දී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි. 03 January 2020
‘අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ‘ පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. 03 January 2020
අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී මරුට ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පවසයි. 03 January 2020
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 January 2020
‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’ විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 January 2020
රූමි මොහොමඩ් ඇප මෝසම යළි ඉවත් කරගනී “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් දෙන ලදැයි කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමි මහතාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරමින් ඔහුගේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (02) නැවත ඉවත්කරගෙන තිබේ. 03 January 2020
මහ මැතිවරණයට මනෝගනේෂන්ලාත් වවුනියාවට - මඩකලපුවට ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව ඒ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය. 03 January 2020
අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙකක් ගොඩකරවලා මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩකරමින් සිටියදී කැලණිය කොට්ඨාස හා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා වගුරුබිම් යළි අත්පත්කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (02) පැවසීය. 03 January 2020
දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත. 03 January 2020
පාර්ලිමේන්තුව දහවල් 1 තෙක් කල් තබයි අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද (3) දහවල් 1.00 වන තෙක් කල් තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කළේය. 03 January 2020
අටවැනි පාර්මේන්තුවේ සිව් වැනි සැසිවාරය අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 03 January 2020
කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 03 January 2020
දිනේෂ්-ජොන්ස්ටන් නව ධූරයන් හි වැඩ අරඹති පාර්ලිමේන්තුවේ නව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු අද(03) පාර්ලිමේන්තු පිහිටි සිය නිල කාර්යාලයන්හිදී සිය ධූරයන්හි වැඩ කටයුතු ආරම්භ කළහ. 03 January 2020
රජය ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කරගනී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත. 02 January 2020
රාගම වෙඩි තැබීමේ සිද්ධියට යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට රාගම කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රීයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා හිටපු කපිතාන්වරයකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 January 2020
දියණියන් දෙදෙනා එල්ලා මව දිවි නසාගෙන කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක අද (02 ) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 02 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026