
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට වසර 7කට පෙර කොළඹ කොස්ගස්හන්දියේදී අත්අඩංගුවට ගත් දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (17) නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 18.01 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා ඔහුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වු 33 හැවරිදි ගයාන් ඉන්ද්‍රජිත් නමැති දෙදරු පියෙකුටය.
2013 ඔක්තෝම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොස්ගස්හන්දියේදී හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටි මෙම විත්තිකරු ජාවාරම් කිරීමට සුදානම් කර තිබු හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගත් බව නඩු විභාගයේදී අනාවරණය විය.
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඔහු වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුණා නම් මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නියලුණා කියලා... ලිහිල් දඬුවමක් දෙන්න කියලා ඉල්ලන්නේ මොන පදනමක් යටතේද? තමන්ගේ දරුවන් රැකගන්න අනුන්ගේ දරුවන් පවුල් පිටින් විනාශ කරන මෙවැනි ක්‍රියාවන් වල නිරත වන අයට ලිහිල් දඬුවම් ඉල්ලීමත් ඒවා සලකා බැලීමත් කියන කරුණු දෙකම නවකයන් මේ ක්‍රියාදාමයට එකතු වීමට උනන්දු කරවන්න කියලා හිතෙන්නේ මට විතරද? තව ඕනෑ නම් කුඩු මුදලාලි ඇපෑලක් ඉල්ලලා මෙයාව ඇප දීලා එළියට ගන්න බැරිකමකුත් නැහැ. ඒක වෙද්දී අපටත් අපටත් අමතක වෙලා තියෙයි එහෙම දෙයක් වුණා කියලා. පස්සේ ආයෙමත් කුඩු විකුණයි. ඇති දෙයක් නැහැ... නීතිය කියන එක අන්තිමට...