
(ජයන්ත සමරකෝන්)
ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ රටින් ගෙන්වීම මුළුමණින්ම නතරකර දමන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ සමඟම, පරිසරයට අහිතකර කවර හෝ භාණ්ඩයක් රටින් ගෙන්වීම තහනම් කරන බවද අමාත්‍යවරයා කීය.
බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන පරිසර හිතකාමී භාණ්ඩ නිපදවීම සඳහා අත්වැලක් වීමට සිය අමාත්‍යංශය කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ සමඟ ම දේශීය අත්යන්ත්‍ර කර්මාන්තයට හා බතික් රෙදි පිළි නිපදවීම සඳහා කාන්තාව සවිබල ගන්වන බවද ඔහු කීවේය.
වලං, මැටි කර්මාන්තයට නව පණක් දී ඒවා නැවත ගොඩගැනීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි කී අමාත්‍යවරයා පිඟන් ගඩොල් කර්මාන්තය නගා සිටුවා පිටරටින් පිඟන් ගඩොල් ආනයනය මුළුමණින් ම නතර කරන බවද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමයෙන් වැඩේ කරන්න සිරිමාවෝ මැතිණියට වෙච්ච දේ මතකයි නේද?
මැතිවරණයකින් පසු සාමාන්‍යයෙන් ඇසෙන කථා! - ඉස්සර ආණ්ඩුවක හිටපු නායකයෙකුත් මේ වගේ කථා කිව්වා, පොලිතින් තහනම් කරනවා කිව්වා! - ඇස්බැස්ටස් ශීට් තහනම් කරනවා කිව්වා!, ඔහොම තමයි, ආපු අලුත....!!!
ඔබතුමා සමාවෙන්න ඕනෑ මෙහෙම කීවට.., ඔබතුමා ඉන්න ගෙදර අතුගාන්නේ චීනෙන් ගෙනා කොස්සෙන්, ඉදලෙන් නේද?
අර්ධ සුඛෝපභෝගී බස් නැවැත්තුවා වගේද...?
දැන් ඇමැතිලා නලුවෝ වෙලා... ලකුණු දාගන්න නලවනවා.
කයිවාරු එපා වැඩ පෙන්වන්න.
අවුරුදු 20 ක් අපි මෙයාලා එක්ක තමයි හිටියේ.. මේ මේකද හීනෙන් අවදිවෙලා වගේ දඟලන්නේ...
ලංකාවේ මිනිස්සුන්ට නම් මේ වගේ මෝඩ දේවල් හරි ලොකුයි...
හිටු කියලා කයිය, මේගොල්ලෝ ඔය ඔක්කොම නවත්වන්නේ කටින් විතරයි වැඩ නැහැ.