
(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අපේක්ෂකයන්ට ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන්නැයි සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් සමග ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවති හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම කර ඇත.
එමෙන්ම ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්, ඔබ නියම නායකයෙක් නොවන බව මේකෙන් තේරෙනවා.
රනිල් යු එන් පි එක පොළොවට සමතලා කරලා එයා දැන් කුණු කූඩෙට වැටිලා ඉන්නේ.
ඒත් ඔච්චරම තමයි. ඔයත් රනිල්ගේ ගෝනියෙමයි ඉන්නේ...
පළාත් පාලන මැතිවරණයේදී ඉන්න ටිකත් නැතිවෙනවා.
වැරදි තීරණයක්. පැරදුනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා. මහ ඡන්දේ රස්නේ යන්නත් කලින් මොන එහෙකටද ආයේ ඡන්දේ ඉල්ලන්නේ.?