ජනතා විරෝධය මැද වඩිවේල් සුරේෂ් පස්සර රෝහලෙන් පිටව යයි පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා, මඩොල්සිම බස් අනතුරේදි මිය ගිය අටදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන පස්සර දිසා රෝහල් පරිශ්‍රයට පැමිණීමත් සමඟ අද (07) එහි සිටි ජනතාව අතර නොසන්සුන්තාවයක් හට ගත්තේය. 07 January 2020
‘නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න‘ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද හඩපට නිසා බිදවැටී තිබෙන නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කිරීමට රජය ක්‍රියාකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය. 07 January 2020
ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 07 January 2020
සරණට වසර 3 ක සිරදඬුවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය. 07 January 2020
පස්සර අනතුරෙන් තුවාල ලැබූ 41 තවමත් රෝහලේ: 4 කට බරපතලයි පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 41 දෙනකු තවමත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් පුද්ගලයින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචිමාර්ග කියයි. 07 January 2020
හිටපු ජනපතිගෙන් අද හෝ හෙට සී.අයි.ඩීයට ප්‍රකාශයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) හෝ හෙට (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (06) ප්‍රකාශ කළේය. 07 January 2020
රන්ජන්ගේ හඬ පට දේශපාලනය කලඹයි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන හඬ පට ගණනාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජලාවන්හි සංසරණය වෙමින් පවතින අතර, මේ සංවාද මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට හේතු වී ඇත. 07 January 2020
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නේ නෑ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කිසිසේත්ම කටයුතු කරන්නේ නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ලංකාදීපයට අද (6)පැවසීය. 06 January 2020
ගුවන් යානා අනතුර ගැන වාර්තාව සති දෙකකින් ඉල්ලයි හපුතලේ වතුයායකට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ ලබා දෙන්නැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා උපදෙස් දුන්නේය. 06 January 2020
වලංගු වීසා නැති විදේශිකයින් 7,010 ක් ශ්‍රී ලංකාවේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව විදේශිකයන් 7,010 දෙනෙක් මෙරට තුළ නීති විරෝධීව රැදී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් මුලස්ථාන කියයි. 06 January 2020
රංජන්ගේ නිවසින් සොයාගත් දෑ ගැන පරීක්ෂණ කටයුතු අපරාධ කොට්ඨාසයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් විවිධ පුද්ගලයන්ගේ දුරකතන සංවාද සහිත හඬපට සහ සංයුක්ත තැටි සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 06 January 2020
රුපියල ඉහළට වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (6) පැවැසීය. 06 January 2020
ලබන වසරේදී නව බැංකු පනතක් ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවත් ලබන වසරේදී නව පනත බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (6) පැවැසීය. 06 January 2020
13 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නෑ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බැවින් දේශපාලනඥයන් විසින් ඒ වෙනුවට විකල්ප විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 06 January 2020
සිංගප්පූරුවේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති දිවයිනට සිංගප්පූරු රජයේ නීතිය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද(06) සවස කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. 06 January 2020
නිකවැරටියේ දී පහරකෑමට ලක්වූ දැරිය හෙට අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට නිකවැරටියේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ දහතුන් හැවිරිදි දැරිය කුරුණෑගල රෝහලේ දී හෙට (07) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරීක්ෂාවට ලක්කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට අද (06) පැවසීය. 06 January 2020
නව මැනිං වෙළඳ සංකීර්ණයේ කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස් පෑලියගොඩ නගරයේ ඉදිකරමින් පවතින නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. 06 January 2020
‘ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන අයට නීති පියවර ගන්න රජයට බැහැ’ නව මිල සංශෝධනය යටතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද(06) පැවසීය. 06 January 2020
ආගන්තුක ශාක වලාකුළු වනාන්තර ආක්‍රමණය කරයි මධ්‍යම කඳුකරයේ වළාකුළු වනාන්තරවල කුරු පඳුරු සීඝ්රයෙන් මියැදෙමින් ඇතැයි හෙළි වී තිබේ. 06 January 2020
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. 06 January 2020
බෙරගල ප්‍රදේශයේ ගින්නක් බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වී තිබේ. 06 January 2020
‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමේ’ ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (6) පැවැසීය. 06 January 2020
තට්ටුව පහත් බස් රථ 2,000ක් දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. 06 January 2020
ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත. 06 January 2020
දෙමළ සන්ධානයට එරෙහිව නව බලවේගයක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එම සන්ධානයෙන් ඉවත්ව ගිය පාර්ශව රැසක් එක්ව දෙමළ එක්සත් පෙරමුණ නමින් විකල්ප බලවේගයක් පිහිටුවාගෙන සිටින බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 06 January 2020
ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් ඉන්දියාවෙන් ආනයනය කළ එච් -11 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයේදී දෝෂ සහ ගැටලු තිබේද යන්න සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. 06 January 2020
රියදුරු බලපත් සඳහා වෛද්‍ය වාර්තා ගන්න නව කාර්යාල තුනක් රියදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ලබාගන්නා මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීගමුව, දඹුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් පිහිටුවීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබේ. 06 January 2020
අත්අඩංගුවට ගත් ලාංකිකයන් 7 ගැන නයිජීරියාව සමඟ සාකච්ඡා නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරතව සිටියදී නයිජීරියා පොලිස් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනා සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට රජයට සමඟ සාකච්ඡා කරන බව එම මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී. 06 January 2020
මැදපෙරදිග උණුසුම හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි. 06 January 2020
රූමි මොහොමඩ් ඇතුළු තිදෙනාට ඇප රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා රූමි මෙහොමඩ් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා, ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(06) නියෝග කළාය. 06 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026