
(අනීෂා මානගේ)
ටී - 56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය හීන්බුන්න ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිඟිති කළුවා නම් අන්වර්ථ නාමයකින් ප්‍රසිද්ධ අයකු බව පොලිසිය කියයි.
සැකකරු ඔහුගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ටී56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් ඒකක් සහ මිලිග්‍රෑම් 610ක් ඔහු සතුව තිබී පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ ගණනාවකට සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයිද ඔහුට වරෙන්තු 11ක් ඇතැයිද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ අපේ ජූලම්පිටිය අමරෙ අයියාවත්ද කියලා..