
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත්කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද(26) හොරණ වගවත්ත හෝටලයකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, විවිධ පැමිණිලි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පත්මිනී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකාරිය සිය පුතාගේ යතුරුපැදිය වෙනුවෙන් ඇප අත්සන් කර ඇති අතර, පසුව එය නැතිවි තිබේ. මේ හේතුවෙන් ඇය අසාදු ලේඛනයට ඇතුළත්ව තිබිණි. එය ඉවත් කිරීම සඳහා පුතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපත වෙනුවට ලදුපතක් ලබාදෙන බව පවසා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, එම කාන්තාව හෝටලය වෙත කැඳවා තිබූ බව පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජාවක් නැහැනේ.. රටේ නීතිය රකින අය වැරැදි කළොත් දිය හැකි ඉහළම දඬුවම දිය යුතුයි. රටටම ලැජ්ජාවක්...
නිර්භීතව පැමිණිලි කළ ඒ කාන්තාවට අපගේ උපහාරය...
මේවාට හුරු වුණු අය කවදාවත් හැදෙන්නේ නෑ. චාන්ස් එකක් ආව ගමන් පනිනවා එළියට.
තොප්පියයි, කෝට් එකයි දුන්නට මදි.. රස්සාව කරගෙන, කසාදයක් බැඳගෙන, මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තරම් බුද්ධිමත් භාවයක් පේන්න නැහැ. කාලකණ්ණි තමයි...