ඉන්දියාවට ලකුණු 143ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (07) පැවැත්වෙන 2වැනි වි20තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 142ක් රැස්කළේය. 07 January 2020
හල්දුම්මුල්ලේ කඳු දෙකක් ගිනි ගනී හල්දුම්මුල්ල රුක්කත්තන කන්දේ සහ කහට තලාව කන්දේ අද (7) ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ උදයකුමාර මහතා පැවසීය. 07 January 2020
‘‘මම කුමන්ත්‍රණකාරයෙක් නෙවෙයි‘‘ - රනිල් කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 January 2020
ශානි අබේසේකරට එරෙහිව පොලිස් කොමිසම පරීක්ෂණ අරඹයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ සිදුකර ඇති දුරකතන සංවාද සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි. 07 January 2020
‘‘රන්ජන්ගේ හඬපට ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබාගෙන ඇති දුරකතන ඇමතුම් හඬපටවලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව මගින් හා ජනාධිපති විශේෂ කොමිසන් සභාවක් මගින් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 07 January 2020
බස් රථයක් - බවුසරයක් එකිනෙක ගැටී 18 රෝහලේ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්පිටිය ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හය දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. 07 January 2020
ඉන්දියාව පන්දු රකියි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (07) ඉන්දෝර්හිදී පැවැත්වෙන දෙවැනි වි20තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 07 January 2020
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (07) පස්වරුවේ නිකුත් කෙරිණි. 07 January 2020
රන්ජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවාදයක් පවත්වන්නැයි මන්ත්‍රීවරු ඉල්ලති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති. 07 January 2020
කැලණිය රජමහා විහාරය සංවර්ධනයට පංචවිධ වැඩපිළිවෙලක් කැලණිය රාජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා පංචවිධ සැලැස්මක් අනුව කටයුතු කරන්නේ යැයි එහි දායක සභාවේ සභාපති හා රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද (7) පැවැසීය. 07 January 2020
රන්ජන්ගේ දුරකතන ඇමතුම් ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට අද (7) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇත. 07 January 2020
පස්සර බස් අනතුරින් මියගිය අටදෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි පස්සර මඩොල්සිම මාර්ගයේ දී සිදු වූ බස් අනතුරින් මියගිය පුද්ගලයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අද (07) පස්වරුවේ ඔවුන්ගේ ඥාතීන්ට බාරදුන් බව මඩොල්සිම පොලිසිය පැවසීය. 07 January 2020
කංජිපානි-පොට්ට නව්ෆර්ගේ කුටි වලින් දුරකථන හා සිම්පත් සොයාගනී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානී ඉම්රාන් හා මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමති සිරකරුවන්ගේ සිරකුටිවල සඟවා තිබී ජංගම දුරකථන දෙකක් හා සිම්පත් දෙකක් අද (7) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි. 07 January 2020
‘‘එජාප නායකත්වයට කරූ ජයසූරිය පත්කළ යුතුයි‘‘ මහා සංඝරත්නයේ සහ බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගෙන ඇති කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පකෂයේ නායකත්වයට පත් කරන ලෙසට මහා සංඝරත්නය යෝජනා කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියෝ කොළඹදී අද (07) පැවසූහ. 07 January 2020
යූරියා පොහොර බෙදාගන්න දඹුල්ලේ ගොවීහු-ගබඩා සේවකයෝ ගැටෙති යූරියා පොහොර මිටි 10,000 ක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි 200 ක් ලැබීම හේතුවෙන් එය බෙදා ගැනීමට නොහැකිව ගොවීන් සහ රජයේ පොහොර ගබඩා සේවකයින් අද (7) උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 07 January 2020
ශානි අබේසේකරගේ වැඩ තහනම් ජාතික පොලිස් කොමිසමේ නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (07) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩතහනමට ලක්කර ඇත. 07 January 2020
අනාරාධිතව පැමිණි අමුත්තා නිසා ශ්‍රීලනිප රැස්වීම අතරමඟ නවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ. 07 January 2020
බස් අනතුරින් මියගිය අයට ලංගමෙන් මූල්‍යාධාර මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරැළී වූ අනතුරින් මිය ගිය මගීන් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාර මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇතැයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය. 07 January 2020
විශේෂ කාර්ය බළකායෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුක්ෂිත කිරීම හදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ ස්ථාපිත කර ඇති බව විශේෂ කාර්ය බලකාය මුලස්ථානය පවසයි. 07 January 2020
‘සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළා’ තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරද්දී සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළ බවත් කි‍්‍රකට් ක්‍රිඩාව යළිත් සූදුකරුවන්ට යටත් කරන්නේ ද යන තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සතු බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 07 January 2020
රිය අනතුරකින් වෛද්‍යවරු තිදෙනෙක් ඇතුළු 5 ක් රෝහලේ අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ වරල්ල ගල්කඩු පල්ලමේ දී අද (7) දහවල් වෛද්‍යවරුන් තිදෙනෙකු රැගත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වෑන් රථයක් සහ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් වෛද්‍යවරු තිදෙනා ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව කොස්මෝදර පොලීසිය කියයි. 07 January 2020
‘රන්ජන්ගේ නිවසින් සොයාගත් දෑ පිළිබඳව සොයන්න කොමිසමක් පත් කරන්න ‘ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවේ දී හමුවූ හඬපට වලින් එලි වන තොරතුරු හා එම සිද්ධීන් පිළිබදව සොයා බැලීම සදහා වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධීපතිවරයාගෙන් සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 07 January 2020
මාධ්‍ය උපමාන උල්ලංඝනය කළාට පරීක්ෂණ ඇරඹෙයි ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය උපමාන සහ මැතිවරණ කොමිෂන් සභාවේ විධාන උල්ලංඝනය කළ බවට වන පැමිණිලිවලට අදාළව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 07 January 2020
‘රංජන්ගේ හඬපට ගැන පාර්ලිමේන්තු විවාදයක් තියන්නැ’යි ඇමැතිගෙන් ඉල්ලීමක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හා රජයේ උසස් නිලධාරීන් අතර වූ දුරකතන සංවාද සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය. 07 January 2020
ඉරාන හමුදා නායකයාගේ අවමඟුලේදී 35 ක් පෑගි මරුට ඉරාන හමුදා නායකයාගේ අවමඟුලට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකු පැගී මිය ගොස් තිබේ. 07 January 2020
ලක්ෂ 50ක හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු සමඟ අද(07) කලුතර - උතුර නාගස් හන්දියේදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය කියයි. 07 January 2020
ගම්පෙරළියේදී සිදු වූ දූෂණ වංචා සොයන්න කමිටුවක් ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන කොයෙකුත් ආකාරයේ වංචා දූෂණ සොයාබැලීමේ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. 07 January 2020
සුලෙයිමානීගේ අවමඟුලට මහ සෙනඟක් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම සඳහා අද (7) ඉරාන වැසියෝ දහස් ගණනක් එක් රැස්ව සිටිති. 07 January 2020
මැගසින් බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 07 January 2020
සරණ ගුණවර්ධනට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය. 07 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026