
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේදී යුද හමුදා ජීප් රථයක් සහ තවත් ජිප් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුර සමඟම ගාල්ල දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක් වසා දමා ඇති අතර වාහන ධාවනයට තරමක් බාධා ඇතිවූ බව අධිවේගී මාර්ගයේ නිලධාරියෙක් පැවැසීය.
කඩවත දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබූ හමුදා ජීප් රථයට පසුපසින් පැමිණි අනෙක් ජීප් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
සිදුවූ අනතුරින් තුවාල ලබා ඇත්තේ පසුපසින් ගමන් ගත් ජීප් රථයේ සිටි අය බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් ජීප් රථ දෙකටම බරපතල හානි සිදුවී ඇති බව පොලිස් නිලධාරීයෙකු පැවසීය.
පිටුපසින් පැමිණ ජීප් රථය යුද හමුදා ජීප් රථයේ ගැටීමත් සමඟම යුද හමුදා ජීප් රථය නැවතත් කඩවත දෙසට හැරී ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd