
(නිමල කොඩිතුවක්කු)
කැලණිවැලි දුම්රිය මාර්ගය සඳහා නව කාර්යාල දුම්රියක් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදිපයට පැවසීය.
කාර්යාල වේලාවන්හීදී සෑම මිනිත්තු 15 කටම වතාවක් දුම්රියක් ධාවනය වන පරිදි නව දුම්රිය කාලසටහන් සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා දුම්රිය සංඥා පුවරු යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
දුම්රිය මගීන්ගේ පහසුව සහ මාර්ගවල පවතින අධික තදබදය අවම කරගැනීමේ අරමුණින් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය විධිමත් කිරීමට තීරණය කළ බවද ලොකුගේ මහතා කීය.
එමෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන පිරිසිදුකර අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා කැලණි වැලි මාර්ගයට අලුතෙන් දුම්රිය දැමීමෙන් විතරක් පලක් වෙන්නේ නැහැ. ඔය දුම්රිය මාර්ගය ඉතා අබලම්... ඒ වගේම වංගු වැඩියි. ඒ නිසා දුම්රියේ වේගය ඉතාමත් අඩුවෙන් පවත්වාගෙන යන්නේ. ෆවුසි ඇමැතිතුමාගේ කාලේ යෝජනාවක් තිබුණා ඔය දුම්රිය මාර්ගය කෙළින් කරන්න. එහෙම කළොත් දුම්රියේ වේගය වැඩිවීම නිසා මගීන්ට ඉක්මණින් තම ගමනාන්තය දක්වා යන්නට පුළුවනි. ඒ නිසා ඔබතුමා පළමුව මේ මාර්ගය කෙළින් කරලා පිළිසකර කරන්න කටයුතු කළොත් ඒක මගීන්ට ලොකු උපකාරයක් වේවි.
වැඩේ හොඳයි, හැබැයි මීට පස්සේ අරවගේ ගොන් කතා කියන්න එපා. ලෙඩ්ඩු බලන්න අපේක්ෂා රෝහලට එන අයට නිකන් කන්න දුන්නු තැන වහලා දැම්මා. ඒ පවනම් ගෙවන්න වෙනවා මේ ආත්මේම..
කැළණි වැලි දුම්රිය මාර්ගය පුර්ණ ද්විත්ව මාර්ග කරන්න.
බොහොම හොඳයි. නියමිත වෙලාවට කොටුවට එන්න හදලා දෙන්න.
කලින් තිබ්බා වගේ ඕපනායකටම රේල් පාර හදන්න..
ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න..
දැන් ගෙදර ගියා නම් හොඳ නැද්ද?
පුත්තලම් මාර්ගයට නම් කවදාවත්ම අලුත් දුම්රිය දාන්නේ නැහැ.