IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගොවියා රැකීමේ ක්‍රියාවලිය හැම අතින්ම පුළුල් කරවමු

ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන රුපියල් පනහක බද්ද රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා වාර්තා කළේය. ඒ අනුව ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 55 ක් වන බවත් දේශීය අර්තාපල් ගොවීන් රැක ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

 සිය වසකට පසුව පැමිණි කොරෝනා මාරක වසංගතය අප රටට අපූරු පාඩමක් උගන්වා තිබේ. එය නම් ගෝලීයකරණය යනු තවදුරටත් යථාර්ථයක් නොවන බවය. ගෝලීයකරණය සැබෑවක් වන නමුත් එය පාලනය කිරීමේ යටපත් කිරීමේ හැකියාව ලෝක වසංගතයකට ඇති බවය. රටම හුදකලා කෙරුණු මාර්තු හා අප්‍රේල් මාසවල ගෙවා දැමූ දින සිහියට නගාගත හැකි නම් එය වටහා ගැනීම ඉතා පහසුය.

අප රට සතුව සරු පොළොවක් තිබේ. සාගත, නියඟය, ගංවතුර ආදී ස්වාභාවික විපත් අවම රටක සොබාදහම ද අප රට වැසියාට සෙනෙහෙවන්තය. රටේ සිවුකොන යා කෙරෙන දියුණු වාරිමාර්ග පද්ධතියක් තිබේ. දියුණු වූත් විද්‍යාත්මක වූත් කෘෂිකර්ම ඥ‌ානයක් පැරැණි පරම්පරාවෙන් ද‌ායාද වී තිබේ.

‘විනාශයෙන් වෙච්ච පාඩම් ඉගෙන නොගැනීම’ ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන හොඳින් රට සතු මහරු උරුම ගණනකට නොගෙන ඒවා අතහැර කටයුතු කරන තැනට අප රට පත් විය. බත බුලතින් සරුසාර යැයි ප්‍රකාශ කළ ද පුවක් ගෙඩිය පවා පිටරටින් ආනයනය කිරීමට පෙළඹුණි. රට සතුව පලතුරු කොතෙක් තිබුණ ද විදේශ පලතුරු ගමේ කඩේ බක්කියට ද ආවේය. අවසානයේ සිදු වූයේ මඩසෝද‌ාගත් කල රජකමට සුදුසු යැයි කී ගොවියා වස කා මියයන තැනට ඇදවැටීමය.

කොරෝනා මාරක වසංගතය අප යළිත් අතීතයට රැගෙන ගියේය. එමග හැර අන් මගක් රට ඉදිරිපිට ඇත්තේ ද නැත. ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන බද්ද රුපියල් පහකින් හෝ ඉහළ දැමීම අගය කළ යුතු වන්නේ එහෙයිනි. දේශීය අර්තාපල් ගොවියා සවිමත් නොකර ඔවුන්ගෙන් ඉහළ නිෂ්පාදනයක් අපේක්ෂා කළ නොහැකිය. තමන්ගේ අස්වැන්න දෙස බලමින් හූල්ලමින් සිටීමට ගොවියාට සිදුවන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි වයඹ පළාතේ ගොවිබිම් හෙක්ටයාර 12500 ක් පෝෂණය කෙරෙන වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බවය.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ කුඩා වැව් 350 ක් සහ මහ වැව් 8 ක් යටතේ හෙක්ටයාර 2500 ක්, මී ඔය ජලාධාර පද්ධතියේ හෙක්ටයාර 3500 ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර 12500 ක් මෙම ව්‍යාපෘතිය හරහා අස්වැද්දීමට නියමිත බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙතෙක් මහ කන්නයට පමණක් සීමා වී තිබූ වගා කටයුතු යල මහ කන්න දෙකේම කළ හැකි පරිදි ජලය බෙද‌ා හැරීම සිදුකෙරේ.

 රටක ආණ්ඩුවක වගකීම විය යුත්තේ තම රටේ ජනයාගේ සුවසෙත සදමින් එම ජනයාට ජීවත් විය හැකි පරිසරයක් සකස් කර දීමය. ඒ අනුව ගොවියාට ගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය. ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් හිමි වන පරිදි වෙෙළඳපොළ නිවැරැදිව කළමනාකරණය කළ යුතුය. ගොවියාගේ අස්වැන්න ගොවි බිමේ සිට වෙළෙඳපොළටත් වෙළෙඳපොළේ සිට පාරිභෝගිකයා අතටත් පත්වීම දක්වා ක්‍රියාවලිය අතරමැදි සූරාකන්නන්ගේ ග්‍රහණයෙන් මුදා ගත යුතුය. ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට තෘප්තිමත් විය හැකි වන්නේ එමගිනි.

 ජනතාව කිසිවක් නොමිලේ ඉල්ලා නොසිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ අවස්ථාවය. එම අවස්ථා සැලසීම රජයේ වගකීමය. ජලය නොමැතිව වගා කළ නොහැකිය. ජලය උත්පාදනය කර ගැනීමට ජනතාවට නොහැකිය. එම පහසුකම් සලසාදීම රජයේ කාර්යභාරයකි. වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් දීමෙන් පැහැදිලි වන්නේ තම වගකීම රජය නිසි ලෙස අවබෝධ කරගෙන ඇති බවය. මෙයාකාරයෙන් මුළු රටම එක මිටට ගෙන අස්වැද්දිය හැකි පරිසරයක් සකසන්නේ නම් එය ආපිට හැරවිය නොහැකි බලගතුම ජයග්‍රහණයක් වනු ඒකාන්තය.



අදහස් (0)

ගොවියා රැකීමේ ක්‍රියාවලිය හැම අතින්ම පුළුල් කරවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site