
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී ඉස්ලාම් බැතිමතුන් 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයාටල එරට අධිකරණයක් අද (27) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
සුදු ජාතිකයන් ලොව උසස්ම ජාතිය යැයි අන්තවාදී අදහස් දරන පුද්ගලයකු වන වෙඩික්කරු 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.
හෙතෙම බ්‍රෙන්ටන් ටැරන්ට් නම් වේ. ඝාතන 51ක් සිදු කිරීම, 40 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබිණි.
මුලදී එම චෝදනාවලට තමන් නිවැරැදිකරු යැයි කී බ්‍රෙන්ටන් ටැරන්ට් පසුව එම චෝදනාවලට තමන් වරදකරු යැයි පිළිගත්තේය.
පසුගිය වසරේ සිදු වූ මෙම වෙඩි තැබීම නවසීලන්ත ඉතිහාසයේ දරුණුතම හා මාරාන්තික වෙඩි තැබීමේ සිදුවීම ලෙස ද සැලකේ.
ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වූ බ්‍රෙන්ටන් ටැරන්ට් ට තාවකාලිකව මුදා හැරීමල හොඳ කල් ක්‍රියාවෙන් පසුවන බවට දෙන පොරොන්දුව හෝ නියමිත කාලයට පෙර සිරකරුවකු නිදහස් කිරීම යන කිසිදු කොන්දේසියක් අදාළ නොවන අතර නවසීලන්තය එවැනි දඬුවමක් පැනවූ පළමු අවස්ථාව මෙය වේ.
ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක සිටි බැතිමතුන් ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට් එම වෙඩි තැබීම් ෆේස්බුක් සමාජජාල මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළේය.
නිශ්චිත කාලයක සිර දඬුවමක් නියම කිරීම බ්‍රෙන්ටන් ටැරන්ට් කර ඇති අපරාධවලට ප්‍රමාණවත් නැතැයි මෙම තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් පැවැසීය.
ඔබ කර ඇති අපරාධ අසත්පුරුෂ සහ පාපිෂ්ඨ යි. ඔබට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබෙනවා. මේ තිබෙන චෝදනාවලට එම දඬුවම ද ප්‍රමාණවත් නැහැ” විනිසුරු කැමරන් මැන්ඩර් කීය.
ර්‍ණමට දැන් තේරෙන සහ පැහැදිලිව පෙනෙන විදියටල ඔබේ අපරාධ නිසා වින්දිතයන් බවට පත්වූ කිසිවකුට ඔබ ගැන සහකම්පනයක් නැහැ” යැයි හෙතෙම කීවේය.
බ්‍රෙන්ටන් ටැරන්ට් අළු පැහැති සිරකරුවන් අඳින ඇඳුමකින් සැරසී සිටියේය. නඩු තීන්දුව දුන් අවස්ථාවේදී හෙතෙම ඊට කිසිදු ප්‍රතිචාරයක් ද නොදැක්වීය. ටැරන්ට් නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතර, නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටියේ ය. කෙසේ නමුත් නඩු තීන්දුවට තමන් විරුද්ධ නොවන බව බ්‍රෙන්ටන් ටැරන්ට් නීතීඥයකු මාර්ගයෙන් අධිකරණයට දැන්වීය.
ජනතාව තුළ බිය ඇති කිරීමටත් හැකි තරම් විනාශයක් කිරීමටත් බ්‍රෙන්ටන් ටැරන්ට් සැලසුම් කර තිබූ බව රජයේ නීතීඥයෝ අධිකරණයේදී ප්‍රකාශ කළහ.
ඔබේ සාහසික අපරාධයට අද අධිකරණයෙන් දඬුවම් ලැබිලා. එහෙත් කිසිදු දඬුවමකින් අපේ ආදරණීයන් නැවත අපට ගෙන එන්නේ නැහැ. මොන දේ කළත් අපට ඔවුන් ලැබෙන්නේ නැහැ” අල් නූර් දෙවස්ථානයේ ඉස්ලාම් පූජකවරයා වන ගමාල් ෆවුදා පැවැසීය.
අල් නූර් දේවස්ථානය වෙඩික්කරුගේ ප්‍රධාන ඉලක්කය වී තිබිණි.
‘ ඔක්කොම එකයි. ඔවුන් ආගම භාවිත කළත්, ජාතිකවාදය භාවිත කළත් වෙනත් මොන මතවාදය භාවිත කළත් අන්තවාදීන් ඔක්කොම එකයි. අන්තවාදීන් දන්නේ වෛර කරන්න විතරයි. ඔවුන් නියෝජනය කරන්නේ වෛරයයි. ඒත් අද අපි. ආදරයට ගෞරව කරනවා. අනුකම්පාව, දයාව හා කරුණාවට ගෞරව කරනවා. මුස්ලිම් වගේම මුස්ලිම් නොවන ජනතාවටල ඇදහිලි හා විශ්වාස ඇති නැති හැමෝටම ගෞරව කරනවා” යැයි ඉමාම් පූජක’ ගමාල් ෆවුදා පැවැසීය.
‘ඔබ මේ රටට ආවේ යම් ප්‍රජාවක් ගැන වෛරයකින්. ඔබ ආවේ යම් ප්‍රජාවක මිනිස්සු ඝාතනය කරන්න. ඝාතන කරන්න මෙහි ඉඩක් නැහැ. මිනිස්සු මරන්න බැහැ. ඊට කිසිම ඉඩක් නැහැ. ලෝකේ කිසි තැනක මිනිස්සු මරන්න ඉඩ නැහැ” විනිසුරු කැමරන් මැන්ඩර් කීය.
‘ඒ පුද්ගලයාට දහවල ආලෝකය දකින්න නොලැබීම හිතට සහනයක්” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කළාය.
මාර්තු 15 වැනිදා ඇති වූ කම්පනය ලේසියෙන් සුව වෙන්නේ නැහැ. ඒ තුවාලය හොඳ වෙන්න ගොඩක් කල් යනවා. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ නම අහන්න වෙන අන්තිම අවස්ථාව මේක වේවි කියලා මම හිතනවා. ඔහු මුළු ජීවිතකාලයම හිරේ නිශ්ශබ්දව සිටීවි. එය ඔහුට ලැබිය යුතු දඬුවමක්” යැයි නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය කීවාය.
(රොයිටර්
055)


2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්ත වෙඩික්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්
Nuwan Thursday, 27 August 2020 07:52 AM
අපේ රටේ නම් මේ ජාතියේ අය පාස්කු බෝම්බ ගහලා 200 - 300ක් මැරුවත් දඬුවම් නැහැ.
SamanThursday, 27 August 2020 08:52 AM
මේ ජාතියේ අය ඒ ජාතියේ අය කියලා මිනිස්සු වර්ගකරන මිනිස්සුන්ගේ මානසිකත්වය හරිම විකෘතියි. ඒ ජාතියේම අය තමයි අපට ලබාදුන්නු ඔත්තුවලින් 95%ක් ලබාදුන්නේ. හැම දේකම නෙගටිව් පැත්ත හිතන අයගේ පවුල් පරිසරය හරිම අතෘප්තිකරයි කියලා තමයි කියන්නේ...
BamunuarachchiTuesday, 01 September 2020 01:31 AM
හලෝ.., ඔබේ අදහස දාන්න මුහුණු පොතට.. මම උත්තර දෙන්නම්.
maalaka Friday, 28 August 2020 04:30 AM
මේක හොඳ ආදර්ශයක් අනික් රටවලට... හැම බෝම්බ කරුවෙකුටම එම රටේදීම දඬුවම් දීම..
Bamunuarachchi Friday, 28 August 2020 11:23 AM
මට නම් මොහු අනාගතය තේරුම් ගත් වීරයෙක්..
chapa Friday, 28 August 2020 03:09 PM
ඔහු වීරයෙක්...