හැරී - මේගන් රාජකීය භූමිකාව අත්හැරීමේ තීරණයක බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. 09 January 2020
මොරගහකන්දේ ජල කාන්දුව ගැන භූ තාක්ෂණික පරීක්ෂාවක් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ හටගෙන තිබූ ජල කාන්දුව සම්බන්ධයෙන් භූ තාක්ෂණික පරීක්ෂණයක් අද (09) සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ (තාක්ෂණික) ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය. 09 January 2020
නිශාන්ත රණතුංග ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ධූරයට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කර ඇතැයි එම මණ්ඩලය පවසයි. 09 January 2020
හෝර්ටන්තැන්නේ වනසතුන් බෝවන ස්ථානයක බාධාකාරීව හැසිරුණු යුවළක් දඩකති හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් බෝවන ස්ථානයක බාධාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය. 09 January 2020
සියලු හඬපට අන්තර්ජාලයට මුදාහරින්නැයි රංජන්ගෙන් ඉල්ලයි තමාට වාසිදායක දුරකතන හඬපට පමණක් නොව, සියලු හඬ පට අන්තර්ජාලයට මුදාහරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව මහජන අවධි සභාවේ කැඳවුම්කරු, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 January 2020
‘නවක වදය නිසා වසරකට 2,000ක් සරසවි යන්නේ නැහැ’ නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (9) පැවැසීය. 09 January 2020
‘‘ජනතාව අධිකරණ තීන්දු ගැනත් සැකයෙන් බලන්න පටන් අරන්‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනතාව සැකයෙන් බලන්නට පටන් ගෙන ඇති බැවින් අගවිනිසුරුවරයාත් අධිකරණ සේවා කොමිසමත් ඒ සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගතයුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පැවසීය. 09 January 2020
මැදමුලන නඩුවේ සාක්කි විමසීම කල්තබයි වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළ බවට විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 10 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියම කළේය. 09 January 2020
නන්පෙරියල් - නැග්රැක් මාර්ගයේ වසා දැමූ කොටස විවර කරන්නැයි දන්වයි බලන්ගොඩ, නන්පෙරියල් හරහා නැග්රැක් දක්වා ඇති මාර්ගයේ කොටසක් සඳහා නන්පෙරියල් තේ වතු සමාගමක් යොදා ඇති මාර්ග බාධකය ඉදිරි දින කිහිපය තුළ වහාම ඉවත් කරන්නැයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දුමේෂ් රන්කන්ද මහතා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට දැනුම් දුන් බව එහි සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද(9) පැවසුවේය. 09 January 2020
‘පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවන්සා උණෙන් ආරක්ෂා වෙන්න’ මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 09 January 2020
පොලීසියට උතුරෙන් 2,000 ක් බඳවා ගන්න යයි ශ්‍රී ලංකා පොලිසියට 2,000 ක පිරිසක් 2020 වසර සදහා උතුරු පළාතෙන් බදවා ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි. 09 January 2020
විධායක නිලධාරින්ට දෙන්න ගිය දීමනාව අත්හිටුවයි රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මේ මාසයේ සිට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 15,000 ක දීමනාව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. 09 January 2020
දශකයේ පළමු චන්ද්‍රග්‍රහණය හෙට රාත්‍රීයේ මෙම දශකයේ සිදුවන පළමු චන්ද්‍රග්‍රහණය හෙට (10) රාත්‍රී 10.37 සිට අලූයම 2.42 දක්වා පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියයි. 09 January 2020
අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම් ගෝන මස් තොගයක් සමඟ අසුවු පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 10,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (9) නියම කළේය. 09 January 2020
ඩල්ජිත්ට ඇප මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ඇප මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉන්දික අත්තනායක මහතා අද(09) නියෝග කළේය. 09 January 2020
අන්තරේ සිසුහු ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු මේ වන විට කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවත නිරතව සිටිති. 09 January 2020
මහින්දානන්ද අලුත්ගමගෙන් පොලිසියට පැමිණිල්ලක් තමන්ව ඝාතන කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට හා හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද (9) පස්වරුවේ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 09 January 2020
නිකවැරටිය දැරිය තවමත් රෝහලේ නිකවැරටිය, කොටවෙහෙර දී කාන්තාවන් දෙදෙනකුගේ අමානුෂික පහර කෑමට ලක්වූ 13 හැවිරිදි දැරිය පවුලේ ඥාතින්ට හෝ ළමානිවාසයකට බාර නොදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ. 09 January 2020
‘අධිකරණයට අහිමිවූ විශ්වාසය යළි ලබාගන්න අගවිනිසුරු පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් අහිමි වූ අධිකරණ විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා අගවිනිසුරුතුමන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 January 2020
යුනියන් පෙදෙසේ ගොඩනැගිල්ලක ගින්නක් කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවන කණ්ඩායම් එම ස්ථානයට ගොස් තිබේ. 09 January 2020
හේමසිරි-පූජිත් ගේ ඇප අයැදුම් සලකා බැලීමට දිනයක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම් දෙක පෙබරවාරී 10 වැනිදා සළකා බැලීමට කොළඹ මහාධිකරණය අද (09) නියම කළේය. 09 January 2020
නගර ශාලාව අවට වාහන තදබදයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ නගරශාලාව ,ඉබ්බන්වල හංදිය ආදී අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තද බදයක් පවති. 09 January 2020
හිරිහැරයට ලක් වූ ගෘහ සේවිකාවෝ 36 ක් යළි ශ්‍රී ලංකාවට කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී ,විවිධ හිරිහැර ,කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (09) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 09 January 2020
යාපනයේ සුබ සාධන මධ්‍යස්ථාන වසා නැවත පදිංචි කිරීම කඩිනම් කරන්නැයි උපදෙස් යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා ඔවුන්ගේ කැමැත්ත පරිදි නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඉදිරි දින කිහිපයේදී වාර්තාවක් ලබා දෙන්නැයි ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී තිබේ. 09 January 2020
ගාර්නියර් බැරිස්ටර්ගේ ජංගම දුරකතනය අධිකරණය බාරයට පැහැරගැනීමකට ලක් වූ බව කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මියගේ ජංගම දුරකතනය අද ( 9) අද අධිකරණයට බාර දුන්නේය. 09 January 2020
මහපොළ වැඩිකරන්නැයි ඉල්ලා පාගමනක් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (9) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ඇරඹුහ. 09 January 2020
උණ රෝගයකින් මඩකලපුව බන්ධනාගාරයේ 11 ක් රෝහලේ මඩකලපුව බන්ධනාගාරයේ පැතිර යන දරුණු උණ රෝගයක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර ඇතැයි එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 09 January 2020
මැදපෙරදිග සිටින ලාංකිකයින්ට ආරක්ෂා වන්නැයි දැනුම් දෙයි මැදපෙරදිග කලාපයේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරී වන ලෙසට උපදෙස් ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මැදපෙරදිග ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 09 January 2020
කොළඹ - මහනුවර සති අන්ත දුම්රිය අද - හෙට ධාවනයේ කොළඹ කොටුව - මහනුවර සතිඅන්ත නගාරාන්තර දුම්රිය අද(09) සහ හෙට(10) ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 09 January 2020
ඇමැති දිනේෂ් ඉන්දීය විදෙස් ලේකම් හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ ලේකම් විජය ගෝක්ලේ මහතා හමු වූයේය. 09 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026