
(***ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාත්තන්කුඩි ප්‍රදේශයේ හෝටලයක මුදල් අයකැමියකුගේ ලාච්චුවේ තිබූ රුපියල් 1000ක් සොරාගත් බව කියන උපපොලිස් පරීක්ෂකයකුගේ වැඩ ඊයේ (27) තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දූෂණ මර්දන අංශයක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකයෙකුගේ බව ද පොලිසිය පවසයි.
පසුගිය මහ මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා මෙම උපපොලිස් පරීක්ෂක කාත්තන්කුඩි පොලිසියට අනුයුක්ත කර සිටිය දී මෙය සිදුවී ඇති බව ද කියති.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මීට ඉහතදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000ක ශරීර ඇපයක් මත මුදාහැර තිබිණි යැයි පොලිසිය කීය.
පසුව මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් මූලික පරීක්ෂණයක් පවත්වා සැකකාර උපපොලිස් පරික්ෂකවරයාගේ වැඩ මෙසේ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කරන්න ඉස්සෙල්ලා මේ ගැන මානුෂීයව හිතන්න ඕනෑ. රුපියල් 1000ක් හොරකම් කරන්න නම් සමහරවිට ආර්ථික අමාරුකම් ඇති.
රුපියල් 1000ට සමාවක් නැද්ද? ආර්ථික ප්‍රශ්න ඇති...
මේ වගේ මිනිස්සු ගැන දුකකුත් ඇතිවෙනවා. කොහොම වුණත් සියල්ලටම කලින් මානව ගුණධර්ම, ඉවසීම යනාදිය සමාජය තුළ ස්ථාපිත කරන්න ක්ෂණික වැඩ පිළිවෙළක් අවශ්‍යයි.