රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් හඬ පට සහිත දෘඩ තැටි 9ක්, ඩී වී ඩී තැටි 162ක්, ලැප්ටොප් පරිගණක යන්ත්රයක්, ජීව උණ්ඩ 127ක් සහ ඔහුගේ බලපත්ර රහිත ගිනිඅවිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස නුගේගොඩ මහේස්ත්රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා රජයේ රස පරික්ෂකවරයා වෙත ඊයේ (08) නියෝග කළේය.