
(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඡන්ද ක්‍රමයත් වෙනස්කර මෙරටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා අළුත් ඡන්ද ක්‍රමයක් ගෙන ඒමට රජය මේ වනවිටත් පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ක්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති එස්. බී. දිසානායක මහතා අද (29) කීය.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කොත්මලේ ප්‍රදේශයේ ක්‍රියාකාරීන් හා ඡන්ද දායකයන් මුණ ගැසීමේ හමු කීපයකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.
එස්.බී. දිසානායක මහතා එහිදී තවදුරටත් අදහස් දැක්වීය.
‘පසුගිය රජය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මුළු රටම අවුලෙන් අවුලට ඇදලා දැම්මා. ස්වාධීන කොමිෂන් සභා ටිකක් පත් කළා. ඒවා දේශපාලන කොමිෂන් සභා බවට පත්වුණා. ඒ අයට දුන්නේ දේශපාලන පත්වීම්... පොලිස්පතිවරයා පත් කළා. ඒක පැහැදිලිවම දේශපාලන පත්වීමක්. එම අවුල් ලිහා 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන ඒමට අපි කටයුතු කරනවා. 19 න් ඒ අය කලේ ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ බලය අඩු කරලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය වැඩි කර ගත්ත එකයි.
20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් රජය විසින් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ ජනතාව මන්ත්‍රීවරුන් 151 ක් රජයට ලබලා දුන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය දිනවලා ජනතාව බලාපොරොත්තු වුයේ නව ආණ්ඩුක්‍රමයක් හා අළුත් ඡන්ද ක්‍රමයක්. එම බලාපොරොත්තු ඉටු කිරීමට රජය පියවර ගන්නවා.
සුළු පක්ෂ මේකට විරුද්ධ වෙන්න පුළුවන්. පසුගිය පළාත් පාලන හා පළාත් සභා පනත අවුලෙන් අවුලට පත් කලේ සුළු ජාතික පක්ෂ තමයි. ඒ නිසා සුළු පක්ෂවලට මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑනම් පොඩි උපවාසයක් එහෙම කරන්නත් පුළුවන්.
විග්නේෂ්වරන් කියන්නේ හින්දු හා දෙමළ හම පොරවාගත් මනුස්සයෙක්. මේ මනුස්සයා සිංහලයන් අතර ජීවත් වෙච්ච අමු සිංහලයෙක්. ඔවුන්ගේ දරුවන්ට දෙමළ කතා කරන්න පවා බැහැ. ප්‍රභාකරන්ගෙන් හැදිලා වැඩිලා පෝෂණය වෙච්ච මේ ලාබාල තරුණයන් අතර ජනප්‍රියවීමේ සටන් පාඨයක් තමයි ඔහු මේ කරගෙන යන්නේ. ඔහුට අපි කියන්නේ මේ දෙය කරන්න එපා කියලා‘‘ යැයි වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 වන සංශෝධනය සහ 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට පෙර 20වැනි සංශෝධනය රටට හෙළි කරන්න. නව යෝජිත 20 වැනි සංශෝධනය ජනතා හිතකාමී සහ ජාතිවාදී නොවන්නේ නම් පමණක් හැර එසේ නොවන හොත් ඉන්දියාව ඇතුළු ප්‍රබල ජාත්‍යන්තර බලපෑම එල්ල වීම නියත වශයෙන්ම සිදුවේ. රාජපක්ෂ හිතවාදී නොවන ජනතා හිතවාදී වූ 19 අහෝසි කිරීම බොහෝවිට සිහිනයක් වනු ඇත..
සුළු ජාතික පක්ෂ ඇතිකිරීමට උඩගෙඩි දුන්න හිටපු සමහරක් පක්ෂවල ඉහළ ක්‍රියාකාරීනුත් මේවාට වගකිවයුතුමයි. කලකට පෙර කෙනෙක් කියා තිබුණා මමයි ඒ පක්ෂය සෑදීමට උපදෙස් දුන්නේ කියලා...
පළාත් සභා ක්‍රමය අහෝසිකර ප්‍රාදේශීය සභාවලට වැඩකරන්න පුළුවන් බලය ලබාදෙන්න... පළාත් සභා ක්‍රමය අනාගතයේ දරුවන්ට රට බෙදන දේශද්‍රෝහීන්ට කරදර වෙන සූත්‍රයක්...
19න් එදා හිටිය අගමැතිගේ බලය වැඩිවුණා නම් අද ඉන්න අගමැතිටත් ඒ බලයම නොඅඩුව තියෙනවානේ. වක්‍රාකාරයෙන් බලය වැඩිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේනේ... විධායකයට සම්පූර්ණ බලය නොලැබී ව්‍යවස්ථාදායකයේ බලය ද යම් තරමකට ප්‍රාණවත්ව තිබීම මේ වගේ රටකට ගැලපෙන්නේ නැතිද? එහෙම නම් මෙයා මේ කියන්න තටමන්නේ මහින්දට වඩා ගෝඨාභය බලවත් විය යුතු බවක්ද?