
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ සහ කැබ් රථ මිලදී ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අදාළ බලපත්‍රයෙන් ලබා දී තිබෙන බදු සහනය සහ ඊට සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳපොළ මිලකට මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ මිලදී ගත හැකි යැයි ද ඊට අදාළ 01/2020 දරන 2020.08.28 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කියයි.
එහි සඳහන් විධිවිධාන අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයකු, එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළෙඳපොළ මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පර්මිට් එකෙන් වැඩක් නැහැ. බැංකු කීපයකින්ම ඇහුවත් LC එකක් ඕපන් කරන්න දෙන්නේ නැහැ. කාර් විතරක් නොවෙයි කර්මාන්තවලට අවශ්‍ය මැෂින්වත් ගේන්න බැහැ. ගෙනාපුවටත් රේගුව වෙනදා වගේ 4 ගුණයක් ටැක්ස් ගැහුවා.
රට විශාල මූල්‍ය අර්බුදයක වැටිලා සිටින අවස්ථාවේ, රටින් වාහන ගෙන්වීම දින නියමයක් නැතිව තහනම් කරලා තිබෙන අවස්ථාවේ, රාජ්‍ය නිලධාරින්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර , තත්වය සමනය වනතෙක් දින නියමයක් නොමැතිව අත් හිටුවන්න.
ලංකාවේ ගෙනත් තියෙන ඒ්වා රාජ්‍ය නිලධාරීන්ට දීලා ඉවරවෙලා සෙට් එක අලුත් වාහන රටින් ගෙන්වන්න හදන්නේ. පාර්ලිමේන්තුවට 225ක් පත්වුණානේ.. ඒ අයට පර්මිට් එක දෙන්න පෙර නිලධාරින්ට පොඩි පිදේනියක්වත් දෙන්න.
තව අවුරුදු 2කට ඇතිවෙන්න වාහන රටේ තියෙනවා. ඒ නිසා තවත් ගෙන්නන්න දෙන්නේ නැහැ. තවත් ඩොලර් පිට යන නිසා කියලා කිව්වේ කාටද දන්නේ නැහැ.. සේරම හතුරුකම් කරන්නේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න හදන කෙනාට.
අපේ අලුත් මැති ඇමැතිවරු ටිකටයි, නිලධාරින්ටයි 2020 අලුත්ම ඩිෆෙන්ඩරය බැගින් ගෙන්න ගන්න අවස්ථාවක් තියෙන බව රටම දන්නවා. ජයවේවා!!! ඔබතුමන්ලා යනහැටි බලලා මමත් සතුටු වෙන්නම්... අපි මුලින් හිතුවේ ඇත්තටම වාහන ගෙන්නන් බැරිතරම් රටේ ආදායම අඩුවෙලා කියලා. බලද්දී එහෙමත් නැහැ.. අනේ හොඳයි අනේ වාසනාවන්...
රටට කන්න දෙන අපිට ඔය සහනය දෙන්න බැරි ඇයි?