මගීන් දෙදෙනකු මියයාමෙන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (13) කටුනායක ගුවන්තොටුපළට ගොඩ බස්වා තිබේ. 13 January 2020
සංවර්ධන නිලධාරි භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 January 2020
යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක්රමණිකයෝ 11ක් මරුට තුර්කියේ බටහිර මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි සංක්‍රමණිකයන් 11දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 January 2020
මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් යළි අරඹන්න උපදෙස් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි. 12 January 2020
හඬපට ජනමාධ්‍යට අදාළ වන හැටි විදුලි සංදේශ නියාමන කොමිසම කිව යුතුයි දුරකථන සංවාද පටිගත කර විවිධ අරමුණු සඳහා භාවිත කිරීම අපරාධයක් යැයි ද එය ජනමාධ්‍යටත් එසේම අදාළ යැයි ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(12) පැවසීය. 12 January 2020
තවත් රාජ්‍ය ඇමැතිවරු තුනකට බලතල තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට බලතල පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. 12 January 2020
සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 17 ක් මරුට සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නගර හතරකට සෙනසුරාදා (11) එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් 17 දෙනෙකු මිය ගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 12 January 2020
අසර්බයිජානයේ දී මිය ගිය සිසුවියන්ගේ සිරුරු බදාදා ලංකාවට අසර්බයිජානයේ දී ගින්නකින් මිය ගිය සරසවි සිසුවියන්ගේ දේහයන් ලබන බදාදා (15) ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. 12 January 2020
’පංති කාමරයක සිසුන් ගණන වැඩිකිරීමට එරෙහිව උසාවි යනවා’ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය හකුලාගන්නැයි රජයට බල කරන්නේ යැයි ද එසේ නොකළහොත් ලංකා ගුරු සංගමය ඊට එරෙහිව අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අද(12) පැවසීය. 12 January 2020
මාරු කර එවූ රැඳවියගේ සබන් කැටයේ බ්ලේඩ් තලයක් සොයාගනී වැලිකඩ සිට අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරයට මාරු කර එවූ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින රැඳවියක පරීක්ෂා කිරීමේදී ඇය සතුව තිබූ සබන් කැටයක් තුළට සූක්ෂම ලෙස ඇතුළු කර තිබූ බ්ලේඩ් තලයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීහූ අද(12) සමත්වූහ. 12 January 2020
මකුණෝ අක්ෂි රෝහලේ ඇඳන් ආක්‍රමණය කරති ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්වන බව එහි එහි කළ සංචාරයක දී දැකිය හැකි විය. 12 January 2020
යතුරුපැදියෙන් හෙරොයින් අරන් ගිය බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත කොමසාරිස් යටතේ සේවය කරන නියාමකවරයකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක හෙරොයින් මත්කුඩු යතුරුපැදියකින් රැගෙන යමින් සිටියදී අද (12) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 12 January 2020
අසර්බයිජානයේ දී මියගිය සරසවි සිසුන් ගැන පරීක්ෂණයක් අසර්බයිජානයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට රජයේ බලධාරීන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි. 12 January 2020
බොරු නඩු දමන්නේ නැති බව චමල් කියයි අලුත් නීති හදන්නෙත් නෑ. බොරු නඩු දමන්නෙත් නෑ. සාමාන්‍ය රටේ තියෙන නීතිය අනුව ඕනෑම කෙනෙක් වුණත් කමක් නෑ වරදක් කලොත් ඒ වරදට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරලා ඒ අනුව දඬුවම් දෙන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 12 January 2020
තෙල් වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරිමට යෝජනා වී ඇති නිලධාරියකුට අක්‍රමිකතා චෝදනා එල්ලවී ඇති හෙයින් ඔහුව පත් නොකරන්නැයි එම ගබඩා සංකීර්ණයේ වෘත්තීය සමිති නායකයින් පිරිසක් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 12 January 2020
කෝටි දෙකක හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 2 1/2 පමණ වටිනා හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනකු අද (12) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 January 2020
ජයලත් මනෝරත්න සමුගනී ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. 12 January 2020
’’පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට බිලියන 23ක් ණයයි’’ පසුගිය ආණ්ඩුව පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණය වී ඇති බවත් පොහොර හිඟයක් ඇතිවීමට එය දැඩි ලෙස බලපෑ බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද(11) පෙරවරුවේ වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය. 11 January 2020
’’රංජන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනික පලිගැනීමක් නැහැ’’ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පලිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක දේශපාලන පළිගැනීම් නොකරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය. 11 January 2020
ගැටුමට මුල් වූ සරසවි සිසුන් 12දෙනා රිමාන්ඩ් සිසු ගැටුමක් හේතුවෙන් තුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට නියම විය. 11 January 2020
සෑම මාසක ම 15 වැනිදා සරසවි සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර සෑම මාසකම 15 වැනි දින විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර මාසික දීමනාව ලබාගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) ප්‍රකාශ කළේය. 11 January 2020
අසර්බයිජාන්හිදී මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. 11 January 2020
නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි 49,800ක් සමඟ අයෙකු අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රට දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(11) හලාවත සිංහපුර මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 11 January 2020
’ලංකාවේ විදෙස් අධ්‍යාපන ආයතන නියාමනය කරනවා’ ලංකාවේ පිහිටි විදේශීය අධ්‍යාපන පහසුකම් සලසා දෙන ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් සම ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) සඳහන් කළේය. 11 January 2020
යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය පිළිගනී ඉරානයේ හමුදා ප්රකාශනයක් උපුටා දක්වමින් යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. 11 January 2020
පකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමකින් 13 ක් මරුට පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 10 January 2020
රිෂාඩ් හිටපු හමුදාපතිට බලපෑම් කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරඹයි පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 10 January 2020
අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට අසර්බයිජානයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් ලාංකික සිසුවියන් තිදෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 10 January 2020
ඉන්දියාවට ලකුණු 78ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනේහිදී පැවැති 3වැනි වි20 තරගයෙන් ඉන්දියාව ලකුණු 78කින් ජයග්‍රහණය කළේය. 10 January 2020
‘‘රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි‘‘ රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පැවැසීය. 10 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026