
හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 160 දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ද නිවාස රැසක් ගසාගෙන ගොස් ඇතැයි ද ඇෆ්ගනිස්තාන බලධාරීහු අද (30) ප්‍රකාශ කළහ.
සහන සේවකයන් මේ වනවිටත් අතුරුදන්වූවන් සොයමින් සිටින බවත් සැලකිය යුතු පිරිසක් මඩ සහ සුන්බුන් අතරේ සිර වී සිටින බවත් බලධාරීහු කීහ.
ඇෆ්ගනිස්තානයේ පළාත් 13කට පමණ ගංවතුර තත්ත්වය බලපා ඇතැයි ඇෆ්ගනිස්තානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන් පළාත් රැසක් පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උතරු දෙසට වන්නට ය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් හි 116 දෙනකු මියගොස් තවත් 120 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි බලධාරීහු සඳහන් කළහ. තවත් 15 දෙනකු අතුරුදන් වී ඇතැයි ද එම නිලධාරීහු කීහ.
රොයිටර්
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd