දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටින් ආසාදිතයින් 143 කු අද (1) වනවිට හමු වීම සහ පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් දින 15 ක් රට පුරා අඛණ්ඩව ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ගම්පහ ප්‍රධාන විහාරාධිපති නාහිමිවරුන් සිව් නමක් රජයට යෝජනා කර සිටිති. 01 April 2020
රට සිට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙලා විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 01 April 2020
අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද(1) හමු වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 01 April 2020
ගාල්ලේ තේ කම්හල් 66 ම සුපුරුදු පරිදි වැඩ ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චානක සේනෙවිරත්න මහතා පවසයි. 01 April 2020
පන්නිල ගම්මානයම ස්වයංනිරෝධායනයේ බේරුවල පොලිස් වසමට අයත් පන්නිල ප්‍රදේශයෙන් එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන අය්.ඩී.එච් උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එම ආසාදිතයන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය. 01 April 2020
ඉන්දියාවේ මිලියන ගණනක් කොරෝනා අවදානමට ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 April 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 50 ඉක්මවයි කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 54 ක් බවට පත්ව තිබේ. 01 April 2020
දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය කල් දැමේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨය වාර්ෂිකව සංවිධානය කරන ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය රටේ පවතින වාතාවරණය අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ බ්‍රිගේඩියර් රෝහන් පොන්නම්පෙරුම මහතා අද (1) පැවසීය. 01 April 2020
නිල්වැල්ල ධීවර වරායට පැමිණි බහුදින යාත්‍රාවක සිටි 4 ක් ස්වයං නිරෝධායනයට ධීවර කටයුතු අතරතුරදි යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවර වරායකට ගොස් අද (1) දික්වැල්ල නිල්වැල්ල ධීවර වරායට පැමිණි බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්්‍යාලය කටයුතු කළේය. 01 April 2020
හයිලන්ඩ් ඔන් ලයින් මිල දී ගත හැකියි කලූතර හා කොළඹ දිස්ත්‍රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක්‍රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි. 01 April 2020
ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වැළදීමෙන් ඇමරිකාවේදී මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ විසූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 01 April 2020
වැඩිහිටි දීමනාව - සමෘද්ධි සහන මල්ල ගන්න පැමිණි පිරිසක් හිස් අතින් හැරී යති රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ල ලබා ගැනීමට අද (01) පැමිණි විශාල පිරිසක් පැය 8 ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳීසිට ආපසු හිස් අතින් පිටව ගොස් තිබේ. 01 April 2020
පුත්තලම රෝහලට තවත් කොරෝනා ආරක්ෂිත ඇදුම් තොගයක් පුත්තලම මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා කොරෝනා ආරක්ෂීත ඇදුම් කට්ටල 100 ක් මින්රා ගාමන් ආයතනය අද ( 1 ) ලබා දි තිබේ . 01 April 2020
කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව සති දෙකකට වසා දමයි සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව සති දෙකකට වසා තැබීම සඳහා කටයුතු කරනු ලැබු බව හැටන් නැෂනල් බැංකුව නිවේදනය කර සිටී. 01 April 2020
මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1067 ක් නිරෝධායනයේ කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1 067 දෙනෙකු ස්වංය නිරෝධායනය සිදු කර ඇති බව ඉන් 814 දෙනෙකු දින 14ක් ඉක්මවා ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් වංසගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද(1) දා පැවසිය. 01 April 2020
දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ. 01 April 2020
දේව යාච්ඥාවකට ගිය හැටන් වතු කම්කරුන් 65 ක් නිරෝධායනයට හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ යාච්ඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාඥාවන්ට සහභාගි වූ වතුකම්කරුවන් 65 දෙනෙකු අද (01) සිට දින 14 ක ස්වයං නිරෝධානයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 01 April 2020
කොරෝනා ආසාදිතයෙකු සිටි හෝටලයක සේවකයන් 2 ක් රෝහල් ගතකෙරේ කොවිඩ් - 19 වයිරසය ආසාදිත සංචාරක මගපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි. 01 April 2020
ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක් ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය. 01 April 2020
පුත්තලම මුලික රෝහලේ සායනික රෝගීන් 20,000 කට ඖෂධ ගමටම පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 ක රෝගීන්ට ඖෂධ ඔවුන්ගේ පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි. 01 April 2020
ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය පසුකරයි ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන චීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන ඉක්මවා ගොස් ඇත. 01 April 2020
නිලධාරීන්ගේ කටයුතු විවේචනය කළොත් නීති මගින් පියවර කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ අන්තර් ජාලය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 01 April 2020
ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක් ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ. 01 April 2020
මිලියන 23 ක PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (1) සිදුකෙරිණි. 01 April 2020
ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි යි ට්‍රම්ප් පවසයි ’’ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇත, ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍යයි’’යැයි ඊයේ (31) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ. 01 April 2020
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 01 April 2020
ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ. 01 April 2020
ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ගාල්ල දිසාවේ පළාත් පාලන ආයතන විස්සක් වෙත රුපියල් එක් කෝටි විසි හත් ලක්ෂක මුදලක් ලබාදී ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි. 01 April 2020
දිස්ත්‍රික්ක 6 පැනවූ ඇදිරිනීතිය දිගටම කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ. 01 April 2020
උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක් ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත් මාස හයක කාලයක් සදහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් ඉල්ලීමක් කර ඇත. 01 April 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026