
(රොමේෂ් මධුෂංඛ)
වවුනියාවේ මණිපුරම් සහ කුරුමාඩු මංසන්ධිවලදී පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් හා කේරළ ගංජා ප්‍රවාහනය කළ සහ ළග තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
වවුනියාව මණිපුරම්හිදී ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 520ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 780ක් සමඟ සොයාගෙන ඇත. මේ අතර, කුරුමාඩුහිදී කළ සෝදිසියකදී සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 10 බැගින් සඟවාගෙන සිටියදී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වවුනියාව සුන්දරපුරම් හා පම්පමඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24, 27 සහ 31 යන වයස්වල පසුවෙති.
සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd