(*** දසුන් රාජපක්‍ෂ)
මාධ්‍යවේදී කීත් නෝයර් මහතා පැහැරගෙන ගොස් පහරදීමට හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා බලපෑම් කළ බව යුද හමුදා බුද්ධි බලකායේ මාණ්ඩලික විශ්‍රාමික සැරයන් ප්‍රියන්ත කුමාර මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (31) පැවසීය.
එම බලපෑම්වලට බිය වී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව රජයේ සාක්‍ෂිකරුවකු වීමට තමා එකඟ වූ බව ද විශ්‍රාමික සැරයන් ප්‍රියන්ත කුමාර මහතා සඳහන් කළේය.
එසේ එකඟ වුවද තමා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් කිසිදු අසත්‍ය තොරතුරක් සඳහන් නොකළ බව ද ඒ මහතා කීය.
අසත්‍ය චෝදනා මත තමාව රඳවා තබාගෙන පහරදී කීත් නෝයර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධ කරවීම මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව පවසා ප්‍රියන්ත කුමාර මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
පැමිණිල්ල මඟින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දුන් යුද හමුදා බුද්ධි බලකායේ මාණ්ඩලික විශ්‍රාමික සැරයන් ප්‍රියන්ත කුමාර මහතා මෙසේද පැවසීය.
දොම්පෙ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි සිටිමින් මාධ්‍යවේදීන් පැහැරගෙන යන බව චෝදනා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා එහි මූලස්ථානයට කැඳවූවා. මුල් අවස්ථාවේ එම නිවස කුලියට ගත් බව මා පැවසුවේ නැහැ. ඒ අවස්ථාවේදී බීමතින් සිටි එක් පොලිස් නිලධාරියෙක් මගේ බෙල්ලට පොල්ලකින් ගැහුවා.
අපි කියන විදිහට වැඩ කරල කීත් නෝයර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් පහර දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ නියෝගයක් අනුව බව පිළිගෙන රජයේ සාක්‍ෂිකරුවකු වන ලෙස ඔවුන් මට බලපෑම් කළා. මුල් අවස්ථාවේ මාව අධිකරණයට ඉදිරිපත් කළේ නැතත් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ළඟට රැගෙන ගියා.
මාව දවස් කීපයක් රහස් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කළ නිසා මට නිවසට දැනුම්දීමට නොහැකි වී සිටියා. ඒත් මා ළඟට ආ එක් නිලධාරියෙක් නිවසට කතා කිරීමට මට අවස්ථාව සලසා දුන්නා. මාව වාහනවල දාගෙන එහෙට මෙහෙට අරගෙන ගියා. එහෙම යන අවස්ථාවකදී මේ සැරේ නම් මගේ ප්‍රමෝෂන් එක ශුවර් කියල නිශාන්ත සිල්වා කියනවා මට ඇහුණා.
දවස් කීපයකට පස්සෙ මැල්සිරිපුර පිහිටි මගේ නිවසට ඔවුන් මාව රැගෙන ගියා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගැන මට සාක්‍ෂි දෙන්න කියල එම නිලධාරීන් බිරිඳට ද බලපෑම් කළා. ඒ හරහා බිරිඳ ලව්වා මගෙන් ගෝඨාභය මහතාට විරුද්ධව සාක්‍ෂි ගන්න ඔවුන් උත්සහ කළා. එම නිලධාරීන් මගේ පවුලේ අයට බොහෝ සේ බලපෑම් කළා. එවේලේ මා බිය වුණා. ගෝඨාභය මහතාට එරෙහිව ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලබාදීමට මා අවසානයේ එකඟ වුණා.
බොරු සාක්‍ෂි දෙන්න මා එකඟ වූ පසු ඔවුන් මාව මගේ ගෙදර තියල යන්න ගියා. අවශ්‍ය වූ විට කතාකරන බව ඔවුන් මට කිව්වා. මට සල්ලි වගයක් දුන් එක් නිලධාරියෙක් අලුත් සිම් එකක් සහ දුරකතනයක් මිලදී ගන්නා ලෙස මට දන්වා සිටියා.
මගේ ප්‍රකාශය ලබාදීමෙන් පසු ජීවිතයට තර්ජන එල්ල වුණොත් පවුල පිටින් විදේශ රටක රැකවරණය ලබාදීමට ඔවුන්ට හැකි බව මට කිව්වා.
ඉන්පසු 2017 පෙබරවාරි 21 වැනිදා ඔවුන් මට කතා කරල රහස් පොලීසියට එන්න කියල මා දොම්පෙ ප්‍රදේශයේ කුලියට ගත් නිවස බලන්න එක්කගෙන ගියා. ඔවුන් මා එහි රැගෙන යන අතරතුර මා එහි සිටියදී වීඩියෝ කරන බව පවසා අසන සෑම ප්‍රශ්නයකටම ඔව් කියන ලෙස දන්වා සිටියා. දොම්පෙ නිවසේදී ඔවුන් මාව වීඩියෝ කළා. ඔවුන් කියන විදිහට වැඩ කරන ගමන් ඔවුන් මාව දොම්පෙ නිවසේදී වීඩියෝ කළා.
ඉන්පසු 2017 මාර්තු 19 වැනි දින ඔවුන් මාව මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීත් නෝයර් මාධ්‍යවේදියාව පැහැර ගැනීමට උපදෙස් නුදුන් බවත් මා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් මා කිව්වා. දෙවරක් හිතා බලා ප්‍රකාශයක් ලබාදෙන ලෙස එහිදී මහේස්ත්‍රාත් මට දැනුම් දුන්නා.
ප්‍රකාශය ලබාදී එළියට පැමිණි මා රහස් පොලීසියේ නිලධාරීන් කී පරිදි මහේස්ත්‍රාත්ට ප්‍රකාශය ලබාදුන් බව කිව්වා. ඉන්පසු මට බලපෑමක් එල්ල වුණේ නැහැ. මම මේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළා.
මට මේ සියලු දේවල්වලට මුහුණදීමට සිදුවුණේ යහපාලන ආණ්ඩුවේ දේශපාලන බලපෑම් මත.
මෙම පැමිණිල්ල ලබන 12 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාක්කි දීමේදී නිශාන්ත සිල්වා බලපෑම් කළා
Prabha Tuesday, 01 September 2020 12:54 PM
දැන් ඔක්කොමලා බබාලා වෙන්න හදනවා.
NaushiWednesday, 02 September 2020 03:39 AM
කීති නොයාර් එයාටම ගහගෙන..