‘‘එළවළු ප්‍රවාහනය කරන ලොරි වලින් නුවරඑළියට කොරෝනා එන්න පුළුවන්‘‘ කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් ඉදිරි සති කිහිපයේදී ඇතිවිය හැකි බව තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය. 02 April 2020
සුනඛ - බළල් මස් චීනයේ සෙන්ෂෙන් නගරය තහනම් කරයි චීනයේ සෙන්ෂෙන් නගරය සුනඛයින්ගේ හා බළලුන්ගේ මස් විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ 02 April 2020
කොරෝනා වැඩිම අවදානමක් ඇත්තේ කොළඹට කොරෝනා වයිරසය ආසාදිතයින් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 33 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 April 2020
ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා - බිරිඳ ස්වයං නිරෝධායනයට ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔවුන් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) ප්‍රකාශ කළේය. 02 April 2020
ඇඳිරිනීතියේදී වැලි ජාවාරම් කළ තිදෙනකු අත්අඩංගුවට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව - රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් සදහා ඔත්තු සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 02 April 2020
තලවාකැලේ තවත් දෙදෙනක් ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරසය පැතිරීයාමේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය. 02 April 2020
රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇදන් 20 ක පරිත්‍යාගයක් කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් වෙන්කළ රත්නපුර ශික්ෂණ රෝහලේ ඒකකය සදහා දැඩි සත්කාර ඇදන් 20 ක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංසදය අද (2) පරිත්‍යාග කළේය. 02 April 2020
කොරෝනා මාරයාගේ නරකම දවස අප්‍රේල් 1 කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය රටවලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ (1) වාර්තා විය. 02 April 2020
කැකුණගොල්ල බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත් අයගේ විස්තර ඉල්ලයි කොරෝනා වයිරසය ආසාදිනය වූ කටුපොත කැකුණගොල්ල පදිංචි කාන්තාව ප්‍රතිකාර ගත් බව කියන කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන එම ප්‍රදේශයේ පදිංචි 125 දෙනෙකුට ආසන්න පිරිසකට හැකි ඉක්මනින් පැමිණ තමන්ගේ විස්තර පොලිසියට ලබා දෙන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 April 2020
ඇඟලුම් සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීමට එකඟ වෙයි ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 02 April 2020
කොරෝනා එන්නත් දෙකක් පරීක්ෂා කිරීම ඕස්ට්‍රේලියාවේදී ඇරඹෙයි කොරෝනා වයිරසයට එරෙහිව භාවිතා කළහැකි එන්නත් දෙකක් සම්බන්දව විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය පවසයි. 02 April 2020
කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ඉහළට කැළණී ගගේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇතැයි කරන ලද පරීක්ෂණයකදී තහවුරු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අද (2) පැවසීය. 02 April 2020
බණ්ඩාරවෙල නිරෝධායනය සාර්ථකව අවසන් කළ 59 කට සහතික බණ්ඩාරවෙල නිරෝධායනයට ලක් කළ 59 දෙනෙකුට නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බවට සහතික ලබාදී අද (2) දින සමාජ ගතකළ බව බණ්ඩාරවෙල නගර සභාවේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් පී. දිසානායක නායක මහතා පැවසීය. 02 April 2020
කොරෝනා වාහකයන්ගෙන් සියයට 80 ක්ම මතුපිටින් පේන්නේ නෑ විශේෂයෙන් කොරෝනා රෝගයේ දී රෝගින් ගෙන් 20% ක් රෝග ලක්ෂණ මතු නොවන අතර තවත් 60 % කට රෝග ලක්ෂණ මතුවන්නේ ඉතා සුළු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය කියයි. 02 April 2020
ඇඳිරිය නොතකා හෙරොයින් ගෙන ගිය කතක් අත්අඩංගුවට පොලිස් ඇදිරිනිතිය කි‍්‍රයාත්මකව තිබියදි එය නොතකමින් හොර රහසේ ගලේවෙල පොලිස් බල ප්රදේශයේමත් කුඩු(හොරොයින්) ජාවාරමේ නිරතවු කාන්තාවක් සමග රු ලක්ෂ 5 වටිනා හොරොයින් තොගයක් අද (2දා) අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 02 April 2020
මත්තේගොඩ මරණය කොරෝනාවෙන් සිදුවුවක් නොවේ මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන වාර්තාව තහවුරු කර ඇතැයි කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. 02 April 2020
අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ට එම විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි. 02 April 2020
කටුපොතට පිවීසීම අවහිර කරයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පැවසුවාය . 02 April 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි - මරණ 65 යි ඉන්දියාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,059 ක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 April 2020
මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි ‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 02 April 2020
කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 02 April 2020
කනගකපුරම් මත්පැන් අලෙවිහළකට මුද්‍රා තබයි ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු පුද්ගලයින් වෙත කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබූ බව පොලිසිය කියයි. 02 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 5,000 ඉක්මවයි කොරෝනා වයිරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 5,100 ඉක්මවා තිබේ. 02 April 2020
විශ්‍රාම වැටුප් ලාභින්ට ගනුදෙනු සඳහා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම් විශ්‍රාම වැටුප් ලාභින්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණිමට නොමිලේ ලංගම බස් රථ ප්‍රවාහනයට එක්කර තිබේ. 02 April 2020
සෙනඟ ගැවසීම පාලනයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 81 වසා දමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල ජනතාවක් ගැවසීම පාලනය කිරීම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන් සිය වෙළඳ සැල් 81 අද( 02) වසා දමා තද බදය පාලනය කිරීමට සහයෝගය ලබා දී තිබේ. 02 April 2020
නිරෝධායනය වූ 45 ක් පිටව යති වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 45 දෙනෙකු අද (02) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි. 02 April 2020
හැටන් සිට මීගමුවට ගොස් පැමිණි දෙදෙනකුගේ පවුල් ස්වයං නිරෝධායනයට හැටන් සිට මීගමුවට ගොස් පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරියකු හා ඔහුගේ රියදුරා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 8 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. 02 April 2020
නිරෝධායනය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සාර්ථකව අවසන් කළ 25 දෙනෙකු අද (02) පෙරවරු සිය ගම්බිම් බලා පිටත් ව ගියබව දියතලාව යුද හමුදාව කියයි. 02 April 2020
බිරිඳ - දියණිය ඝාතනය කර සැමියා දිවි නසාගෙන හේනේගම , කහටාන , මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 02 April 2020
දකුණේ 2600 ක ස්වයං නිරෝධායනය අවසන් දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 02 April 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026