
(ඉන්දිකා රාමනායක)
සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබිය දී පොලිසිය අද (2) සොයාගත් රුපියල් කෝටි 23 ට අධික වටිනා හොරොයින් කිලෝ 23 කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුට අයත් යැයි සැක කරන බව පොලිසිය පවසයි.
වඩුමඩුවේ සඟවා තිබියද අද සොයාගත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු එම කොස්තාපල්වරයාගේ සහෝදරයකු වන බවද පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධියෙන් අනතුරුව සැක සහිත කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවත් කොස්තාපල්වරයා විසින් ඔහුගේ සොහායුරාට අයත් වඩු මඩුවේ මෙම හොරොයින් තොගය සඟවන්නට ඇති බව පොලිසිය සැකකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අන්දමට තැනින් තැන කුඩු අල්ලන්නේ අපරාධකාරයින් මියයන්නේ එක්තරා පුද්ගලයෙකුගේ ‘‘එක් අධිකරණය‘‘ ආරක්ෂා කරන්න කියලා සමහරු කියන්නේ තරහට වෙන්න ඇති.