
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය පළ කිරීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට අලුත්ම සහ නවීන පන්නයේ කෘත්‍රීම ස්වසන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 200ක් පරිත්‍යාග කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බාර දුන්නාය.
ඇමෙරිකා එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.
ඇමෙරිකාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර නවීනම තාක්ෂණයෙන් සමන්විතය. ප්‍රමාණයෙන් සංයුක්ත මෙම යන්ත්‍ර පහසුවෙන් යොදාගත හැකි අතර වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නම්‍යශීලි අන්දමින් කටයුතු කිරීමට හැකියාව සැලසෙන බව ද පැවසේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝකටත් සැනටයිස් කරලා ගන්න වෙයි.
මෙහෙ දැන් දෙන්නා යනවා... එහෙ හතර අතේ මැරෙනවා.
අපරාදේ මේවා අපට දැන් වැඩක් නෑනේ. අපේ රටේ කොරෝනා රෝගීන් එකයි දෙන්නයි දැන් හොයාගන්නේ. ඒ අයත් කවදාවත් අසාධ්‍ය වෙන්නේ නෑ. මේවා ඇමරිකාවේම තියා ගත්තනම් එයාලට වැඩක් ගන්න තිබුණා.
මාර්තු මාසේ අපේ සුව අංශ සහ හමුදා කොරෝන ජයගන්න මහා සටනක් සිදුකරද්දී, රට වහගෙන මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කරනවා කියලා ජිනීවා ගියපු ඇමෙරිකාව, හමුදාව තියෙන්නේ යුද්ධෙට මිසක මිනිසුන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි කියලා කිඹුල් කඳුළු හෙලපු ඇමෙරිකාව මෙන්න ඔක්කොම වියසන ඉවර උනාට පස්සේ අපිට ආදරේට වෙන්ටිලේටර් දෙනවා.
මේ වගේ උපකරණ කොච්චර දුන්නත් කමක් නැහැ නෝනා... සල්ලිනම් දෙන්න එපා.
අපේ රටට මොනා ලැබුනත් වැඩක් නැහැ මැද පෙරදිග දුක් විඳින අපිව මේ ආණ්ඩුවෙන් අපේ රටට ගෙන්න ගන්න විදිහක් පෙන්න නැහැ.
එම් සී සී යට අත වැනීමක් වගෙයි.
ලංකාවේ ආණ්ඩුවට මේවා කොච්චර දුන්නත් වැඩක් නැහැ.