‘ජාතික බුද්ධි පනත’ නමින් නව පනත් කෙටුම්පතක් බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 15 January 2020
පළමු වසරට සිසුන් ඇතුළු කිරීමේදී රජයේ තීරණය වෙනස් කරන්නැයි ජනපතිට ලිපියක් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට රජය ගත් තීරණය වහා අවලංගු කරන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(15) ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. 15 January 2020
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය. 15 January 2020
රංජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබීය. 15 January 2020
වෑන් රිය දුම්රියක ගැටී තරුණයෙක් මරුට කුරුණෑගල නයිලිය දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස ධාවනය කරවූ වෑන් රථයක් අද (15) කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනයවූ ශිඝ්රගාමී දුම්රියේ හැපීමෙන් එකම පවුලේ මල්ලි මරණයට පත්ව අක්කා බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි. 15 January 2020
ගුවන් සෙබළාගේ මරණයට සැකපිට තවත් සෙබළුන් 3 ක් අත්අඩංගුවට සාදයක් අතරතුරදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කරන අවස්ථාවේ දී මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබළුන් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 15 January 2020
ඉබ්බා දියේ දැම්මා වගේ මා දැන් නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමග තමා ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයට පත්වුණු බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය. 15 January 2020
නොදැනිම දරුවා ඇකයෙන් වැටුණා:මයිල හතක් ගොස් අම්මට දැනුණා “නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා” යන ගුත්තිල කාව්‍යයේ එන කවි පදය සජීවී අත්දැකීමක් බවට පත්වූ පුවතක් වතුපිටිවල රෝහලෙන් ඉකුත් 13 වැනිදා වාර්තා විය. 15 January 2020
මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 January 2020
අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය. 15 January 2020
බටපොල දී පුද්ගලයෙකු ඝාතනය කරයි බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ වෙළඳසළක් අසල දී අද (15) අලුයම පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි බටපොල පොලිසිය පවසයි. 15 January 2020
ලංකාව - රුසියාව ත්‍රස්තවාදය මඬින්න එකඟතාවයකට ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව සහ රුසියාව එකඟතාව පළ කළ බව දෙරටේ විදේශ අමාත්‍යවරු අද (14) ප්‍රකාශ කළහ. 14 January 2020
සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට නියෝග කරමින්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. 14 January 2020
‘‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන යළි සාකච්ඡා කාරනවා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. 14 January 2020
වතු කම්කරු වැටුප මාර්තු පළමු වැනිදා සිට වැඩි කෙරේ වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 14 January 2020
ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක් විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින් ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 14 January 2020
වනාතවිල්ලුවේදී තිදෙනෙක් දියේ ගිලී මියයති වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී අද (14) මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. 14 January 2020
සුභාවිත ගීත ප්‍රචාරය නොකරන බස් රථ හෙට සිට පරීක්ෂාවට ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පැවසීය. 14 January 2020
ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ. 14 January 2020
‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘ තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පැවැසීය. 14 January 2020
රන්ජන් හෙට අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි. 14 January 2020
නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහය කාලයක් දිවයින් පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට බාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දින 7 ක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 14 January 2020
ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුව පවතින ආසනවල සංවිධායක ධූර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 14 January 2020
රන්ජන්ගේ හඬපට වලට ඇමැතිවරුන්ගේ කටහඬවල් සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලානාත්මක හඬපට සමඟ සම්බන්ධ කිරීමේ කුමන්ත්රණයක එක්සත් ජාතික පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසයි. 14 January 2020
රන්ජන් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. 14 January 2020
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පැවැසීය. 14 January 2020
ඉරාජ්ට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තනතුරක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කරනු ලැබ ඇත.සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අද (14) පත්කිරීම සිදුකර ඇත. මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වේ. 14 January 2020
‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘ සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව පියවර ගත යුතුව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (14) පැවසීය. 14 January 2020
වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. 14 January 2020
රන්ජන්ගේ හඬපට ප්‍රචාරය නවත්වන්නැයි බොදු බල සේනා සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වහාම වාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සංවිධානය කියයි. 14 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026