
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියාපදිංචි කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙය වූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අද (01) අත්අඩංගුවට ගත්බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි.
එලෙස ගෙන්වා තිබූ වාහන අතර ප්‍රාඩෝ ජීප් රථයක් , මෝටර් රථයක් , දොඹකරයක් සහ ආපදා රථ දෙකක් වන බවත් මෙම වාහන වල වටිනාකම කෝටි දහයකට ආසන්න බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙම වාහන ගම්පහ මිරිස්වත්ත කිණිගම ප්‍රදේශයේ වාහන අංගනයක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අයටත් සම්පායෝට දෙන සැපම තමයි.. අපි නොදන්න රේගු නිලධාරියෝ...
මේවා අද ඊයේ ඉඳන් වෙ දේවල් නොවේ. දුන්නු පගාව මදි වෙන්න ඇති. ඒකයි අහුවුණේ...
රේගුවේ කිසිම දාක කිසිඳු නිලධාරියෙකුට දඬුවම් ලබාදී නැහැ... සියල්ල යටගසා තියෙනවා.. රේගුවේ බහුතරයක් හවුල් වෙලා කරන නිසා ඕකටත් ඔච්චරයි වෙන්නේ... පසුගිය කොරෝනා සමයේ පලාලි ගුවන්තොටුපලේ රාජකාරි කරන නිලධාරින්ට සපයන ලද නේවාසික ගොඩනැගිල්ලේ යාපනය බාර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයාත් තව විවාහක සහකාර රේගු අධිකාරිවරියකුත් මෙන්ම ඇයත් සමග එහි සිටි තවත් එවැනි නිලධාරිනියක්, සහකාර රේගු අධිකාරි නිලධාරියකු සමග එම ගොඩනැගිල්ලේ ඉඳ තිබෙනවා.. පසුව එහි සේවය කළ රියදුරු සිද්ධිය දන්නා බව දැනගත් පසු ඔහුට පහරදී වෑන්රථයේ යතුර උදුරාගන්න ගිහින් තියෙනවා.. ඔය සිද්ධිය ගැන ඉහළ නිලධාරින් කිසිඳු පියවරක් ගෙන නැහැ.. රාජ්‍ය ආයතනයක ගොඩනැගිල්ලක් තුළ නොමනා ලෙස හැසිරීම විනය විරෝධී කටයුත්තකි... එයට නිසි පියවරක් අරන් නැහැ යටගසා ඇත. මේ ගැන පලකල යුතුයි.. අනිවාර්යයෙන් වගකිව යුත්තන්ගේ අවධානයට ලක්වන්න.. ජනාධිපතිවරයාගේ විශේෂයෙන්ම...