
(ජයන්ත සමරකෝන්)
මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එම සැකකරු ගෙන ආ වතුර බෝතලයක මූඩිය ගලවා බැලූ විට එහි සූක්ෂම ලෙස සඟවා තිබූ සිම්පත් දෙකක් සොයා ගත්බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකරු අධිකරණයේ සිට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ප්‍රධාන දොරටුවේදී සිදුකළ පරීක්ෂාවේදී මෙම තහනම් භාණ්ඩ සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
සොයාගත් සිම්පත් දෙක බන්ධනාගාර බුද්ධි අංශයට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd