ගාල්ලේ රෝහල් කිහිපයකම ඉන්සියුලින් නෑ
ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව අද (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය.