(මනෝප්‍රිය ගුණසේකර)
මෙම සතිය අවසන් වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් වලට අදාළ කිසිඳු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා එම අංශයේ නිලධාරීන්ට අද (03) උපදෙස් ලබා දී ඇත.

නීතීපති දෙපාර්තමෙන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් වලට අදාළව ඉතිරිව තිබු නඩු ගොනු 2460 ක වැඩ අවසන් කිරීමෙන් අනතුරව ඉතිරිව ඇති නඩු ගොනු 235 ප්‍රමාණයේද වැඩ අවසන් කොට එම අංශයේ කිසිඳු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතීපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.
නීතීපති දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශය විසින් පසුගිය මාස 15 පුරා ප්‍රබල මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් අධිචෝදනා මත මහාධිකරණ වලට නඩු 2000ක් යොමු කොට ඇතැයි පැවසු නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මහත්මිය එම කාලය තුළ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධ නඩු 2460 ක වැඩ අවසන් කොට ඇතැයිද පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසපරීක්ෂක වාර්තා එක් දින සේවයක් හදුන්වා දුන්නානම් මේ වැඩේ මාස දෙකෙන් ඉවරයි.