ගාල්ලේ ඡන්ද මධ්‍යස්ථානවල ලක්ෂ 90 ක හිඟ විදුලි බිලක්
පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සපයන ලද විදුලිය වෙනුවෙන් අයවිය යුතු රුපියල් 9, 700,000ක විදුලි බිලෙන් මේ වනවිට දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙවාඇත්තේ, රුපියල් 700,000ක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.