
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී සැකකරු අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය කීවාය.
පාර්ලිමේන්තුවට පලතුරු සපයන පුද්ගලයාට එම සැපයුම දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන බව පවසා මාසෙකට රුපියල් 30,000 බැගින් සැකකරු අල්ලස් මුදලක් ඉල්ලා තිබිණි. පසුගිය මාර්තු සහ ජුනි මාසට අදාළ මුදල් ලබාගනිද්දී ඔහු අත්අඩංගුවට ගත් බව අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු භෝජනාගාරයේ කෑම වෙනුවට ගෙදරින් ගේන්න කෑම එකක්...හොරෙන් කන්න ඉඩදෙන්න වෙන්න ඇති අල්ලස ගන්න ඇත්තේ...
පාර්ලිමේන්තුවේ නම් ඉතින් කොහොමත් ඔහොමනේ..
දූෂිත පුද්ගලයින්ගේ ඡායාරූප පළ කරන්න. එවිට දඬුවමක් ලබාදී හිරේ යවනවාට වඩා සමාජයෙන් කොන්කිරීම සිදුවිය යුතුවේ..
පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අනිත් අයත් ජරාව ගන්නකොට පුලුවන්නම් අත්අඩංගුවට ගන්න.
පාර්ලිමේන්තු සභාගර්බයේ ඉන්න අයගෙන් වෙන්න ඕන මෙයා මේ ආදර්ශය ගන්න ඇත්තේ.
ඔය නිලධාරී විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු අල්ලස් ගන්නේ නැද්ද.?
අනිත් අය කොටි ගණන් ගන්නකොට මෙයා 30000, සාධාරනයිද මන්දා.?