
(ඩයනා උදයංගනී)
දැව හා මැටි ආදී අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ග්‍රාමීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.
විශේෂයෙන්ම දැව ප්‍රවාහන නීති රීති හේතුවෙන් වඩු කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා වඩු කර්මාන්තයේ නියැළෙන්නන්ගේ පහසුව සඳහා දැව ප්‍රවාහන නීති ලිහිල් කළ හැකිදැයි ඉදිරියේදී සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.
වඩු කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා දැව ප්‍රවාහනය කිරීමේදී ගැටලුවලට මුහුණපාන හෙයින් පරිසරය ද ආරක්ෂා කරගනිමින් දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ හැකිදැයි යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කී ඇමැතිවරයා මැටි භාණ්ඩ නිෂ්පාදකයින් ද අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටින බව කීවේය.
දේශීය කර්මාන්ත දියුණු කිරීමට නම් එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් ලබාදිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව... ඔක්සිජන් ගැන කිව්වා වගේ වනාන්තරත් කන්නද? ඔබතුමාගේ කල්පනාවේ හැටියට නම් දේශීය සැරබීම වලටත් ඔය ලිහිල් කිරීම කළයුතු දෙයක් මගේ හිතේ...
පරිසරයට ආදරේ කරන කෙනෙක් මේ ඇමතිකමට අවශ්‍ය බව අතිගරු ජනාධිපතිතුමාට අවබෝධ වේවා...!!!
හරියට හරි... සිංහරාජයෙන් කපපු ගස් ටික ගෙනියන්න ලිහිල් කරන්න.
බොහොම හොඳ අදහසක් ඇමතිතුමනි.!
මැටිනම් ලිහිල් කරලා දෙන්නම්. දැව දෙන්න බෑ
අනේ අපේ වනන්තර ටික. පස් වලටයි ගස්වලටයි ප්‍රවාහන නීති ලිහිල් කලාම ඉතිරි වෙයිද අපට රටක්...?
ඇමැතිකම් දීලා තියෙන්නේ පරිසරයත් එක්ක බද්ධ වෛරයෙන් පසුවන මිනිස්සුන්ට.
මේ කියන්නේ තව වනාන්තර විනාශ කරන්න කියලද.?
මිරිස් කුඩුත් පාර්ලිමේන්තුව ඇතුලට ගෙනයාමට ඉඩ දිය යුතුයි.
පැන්නාද මන්ද බලලා මල්ලෙන් පිටට........
මෙයාට ඕන මේක තමයි. වඳුරන්ට ඉනිමං බන්දා වගේ කියන්නේ ඕක තමයි.
බුද්ධිය නැති උනාට දර්ශනයක් දෙකම නැත්නම් ??
රටේ ගස් වලට දෙවියන්ගේ පිහිටයි.
ඕක තමයි කියන්නේ පිට්ටනිවල තණකොළ කන අය පාර්ලිමේන්තුව එවන්න එපා කියලා...
මෙයාටත් කපන්න ලොකු කැලෑවක් සෙට්වෙලා වගේ...