
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමඟ පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකදී අද (4) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි
මෙම සැකකාරියන් සමඟ මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන හතරක් සහ බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන ඇත
මොරටුව මුරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකට පැමිණ හොරොයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් කුමාරසේන මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd