
(මොහොමඩ් ආසික්)
මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පලායමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද (04) බාර දී තිබේ.
අධිකරණය සහ පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරිවාස බාරයට පත් කරනු ලබන දරුවන් මෙම ළමා නිවාසයේ නිලධාරීන් විසින් රැක බලා ගන්නා ලදී.
ළමා නිවාසයේ නේවාසිකව සිටි වයස අවුරුදු 12, 13 සහ 16 යන වයස්වල පසුවන මෙම දරුවන් රාත්‍රියේ ළමා නිවාසයේ තාප්පයෙන් පලා ගොස් තිබිණි. ඔවුන් අලවතුගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වාහනයකට අත දමා නවත්වා ඊට නැග තිබේ. එම වාහනයේ හිමිකරු මෙම දරුවන් සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔවුන් ළමා නිවාසයකින් පලා යන බව දැන කටුගස්තොට පොලීසියට බාර දී ඇත.
ළමා නිවාසයේ බාරකාර පියතුමෙකුද කැඳවා පොලිසිය විමර්ශන පැවැත්වීය. සිසුන් ප්‍රකාශ කරන්නේ ළමා නිවාසය තුළට පිටත සිට ඇතැම් පිරිස් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වීසි කරන බවත්, වැඩිමහල් පිරිස ඔවුන්ට පහර දෙන බවත්, එබැවින් පලා යාමට තීරණය කළ බවත්ය.
මෙම දරුවන් තිදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා නිවාසය ඇතුලේ දරුවන්ව හිංසනයට ලක්වෙනවා ඇති. ඒ ගැනයි සොයාබැලිය යුත්තේ...