
(විනීතා එම් ගමගේ)
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිව පවතින තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ.
අධිකරණ අමාත්‍යංශ්‍යයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති එම කමිටුව රස පරික්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
සති තුනක් ඇතුළත ඊට අදාළව අතුරු වාර්තාවක් ලබා දෙන්නැයි එම කමිටුවට අමාත්‍යවරයා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට අද (03) පැවැසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම කමිටුව පත් කර ඇත.
මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරය වෙත දිනපතා ගෙන එන පිරිස අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් එන පිරිස් අතිශයින් වැඩිවී ඇති බවත් එයින් ද මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සිරකරුවන් පිරිස සීග්‍රයෙන් වැඩි වී ඇති බවත් කී එම නිලධාරියා මෙම ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද මෙම කමිටුවෙන් නිර්දේශ බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එමෙන්ම මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් දී ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම එම රිමාන්ඞ් සිරකරුවන් සම්බන්ධ කටයුතු වල දී රස පරික්ෂක වාර්තා ප්‍රමාද වීම් ඇත්නම් ඒ පිළිබඳව ද වැඩි දුර සොයා බලන්නැයි ද අදාල කමිටුවට උපදෙස් දී ඇතැයි එම නිලධාරියා තව දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියමවෙලා තිබෙන කුඩු මුදලාලිලාට එම දඬුවම ක්‍රියාත්මක කළානම් බන්ධනාගාරයේ ඉඩකඩ ලැබෙන අතර, ඉන්පසු ඔවුන් සිරගෙදර තුළ සිට ජංගමව දුරකථන භාවිතයෙන් කරන මහා පරිමාණ මත්කුඩු ජාවාරම් අවහිර වන නිසා අලුතින් හිරගෙදරට එන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවේවි..
දඩ මුදල් වෙනුවට ප්‍රජා සේවාව ලබාදීම එක ක්‍රමයක්.
බොහෝ දෙනා කියනවා දිනකට නඩු අසන කාලය දැනට වඩා දීර්ඝකල යුතුයි කියලා.
කිසිම වරදක් නොකර කිසිදු සිද්ධියක් ඇති නොවි කිසියම් අයෙකුට එරෙහිව පොළිසියේ පැමිණිලි වරින් වර ගොණුකර කරදර කරයි නම් එයට ගතහැකි නිතිමය ක්‍රියාමාර්ග මොනවාද? පොලිසියේ ඉතා ඉහළ මටට්නිමේ නිධාරියෙකුගේ උදව් මත මෙසේ දිගින් දිගටම පෙලිසිවලට ගෙන්වා බොරු පැමිනිලි් දමා කරදර කරන්නේ නම්, එම පැමිනිලි විභාග කරන අදාළ පොලිසියේ නිලධාරි මහතාටද කරදයකි. රටේ වැදගත් වැඩවලට යෙදවිය හැකි කාලට මෙවැනි කිසිදු හරයකට නති හුදු පලිගැනිමේ චේතනාව මත ගොනු කරන පැමිනිලි විභාගයට ගතවේ. එයට සහභාගි වනලුද්ගලයන්ට රැකියාව කරගෙන යාමට නොහැකිවේ. දරුවන්ද එයට සම්බන්ධ කර පැමිනිලි ගොනුකර ඇත්නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වේ. මානසික පිඩනයක් ඇතිවේ. වයසක අයට එරෙහිව මෙලෙස බොරු පමිනිලි දමා බිය ගැන්ව්මට මරණය ඉක්මන් කිරිමට සැළසුම් කිරිමෙන් එය අයටද වන්නේ අගතියකි. මෙවැනි බොරු කිසිදු හරයක් නැති පැමිනිලි දැමිිම වලක්වන්නේ කෙසේද? මෙම පැමිනිලි වල අවසානයක් නැති තැන තැන පොලිස් නඩුවක් ගොනු කරද, එය අවසන් වු වහාම නැවත පැමිනිලි දැමිමට පටන් ගෙන ඇතිනම් කල යුත්තේ කුමක්ද?