
(*** සුජිත් හේවාජුලිගේ)
ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි.
මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉහත සඳහන් කළ ප්‍රභූවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ප්‍රභූවරයාගේ පෞද්ගලික දෑ අඩංගු ගමන් බෑගය රැගෙන පාර්ලිමේන්තු නිලධාරි පිවිසුමෙන් ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරිනියන් දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා ඒ ආරක්ෂක නිලධාරියා මද වේලාවක් රඳවාගෙන එම ගමන් මල්ල පරීක්ෂා කරමින් ප්‍රභූවරයාගේ කටයුතුවලට බාධා වන ආකාරයට හැසිරී ඇතැයි සඳහන් වෙයි.
සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් බෑගය සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයකින් කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මේ සිද්ධියේදී එම තිදෙනා අනවබෝධයෙන් කටයුතු කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
දැනගන්නට ඇති අන්දමට මේ ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා විසිනි.
මේ අතර පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්. ලියනගේ මහතා ද පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි.
කෙසේ වෙතත් ඔහුගේ එම ස්ථාන මාරුවීම ඉහත සිද්ධියට පෙර සාමාන්‍ය ක්‍රමවේදය අනුව සිදු වූ එකක් බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.
ලියනගේ මහතා මාරු කර යැවීමෙන් හිස් වූ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති තනතුරට ප්‍රධාන පොලිස් පරීක්ෂක වී.පී.ඊ. ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබ සිටී.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ගමන් මලු පරීක්ෂා සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ ස්වාමි පුරුෂයා වීම මෙහි ඇති විශේෂත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ප්‍රභූවරු කියන්නේ අලි හොඬින් ආව අයද? ගමන් මල්ලක් ගේන ආරක්ෂක නිලධාරියා දිහා බලලා මේක අහවල් ප්‍රභූවරයාගේ ගමන්මල්ල කියලා කියන්න පොලිස් නිලධාරීන්ට ඥාණය පහල වෙලා කියලා හිතුවද? මේ ප්‍රභූවරයාගේ නම ප්‍රසිද්ධ කරන්න. මේවා රටේම ප්‍රසිද්ධ වෙලා මිනිස්සුන්ගෙන් බැණුම් අැහුවම තමයි මේ අය හැදෙන්නේ...
ඔන්න ඕක තමයි අපේ රටේ නීතිය..
වඳින්න ගිය දේවාලේ වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ. පාඩුවේ හිටියා නම් ඉවරයිනේ.
ප්‍රභූ? එහෙම වෙන්න සුදුසු අය ලංකාවේ ඉන්නවද ආයුබොවන්ඩ? කරන තරමක් නොහොබිනා වැඩ කරන්නේ... ජනතාව ගොනාට අන්දලා සබේට ගිය ඔය ප්‍රභූ කියන අය තමයි...!!!
ඔය ප්‍රභූවරු කියන්නේ මිනිසුන්ගේ ඡන්දෙ හිඟා කාලා පාර්ලිමේන්තුවට ආපු අය නේද?
කුඩු, කසිප්පු මුදලාලිලාට, හරක් හොරුන්ටද ප්‍රභූවරු කියන්නේ...?
සැමට එක නීතියක්... අපොයි..!!!
බදුවලින් යැපෙන හිඟන්නු කොහොමද ප්‍රභූන් වෙන්නේ..?
මෙන්න ලංකාව. තාම එහෙමම තමයි. ප්‍රභූ වාහනවලින් කුඩු ඇද්දා නම්, පාතාලයන් ඇද්දානම්.., ඔය නමට යට කරගෙන බෝම්බයක් ගේන්න බැරිද? ඇයි මෙහෙම වෙන්නේ? ඒ නිලධාරින් නැවත හරියට රාජකාරියක් කරයිද? කවද්ද මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් වෙන්නේ?
ආරක්ෂක අංශ ඉන්නේ ප්‍රභූ අයගේ ගමන් මලු උස්සන්නද? අහෝ ශ්‍රී ලංකා...!!!
රටේ නීතිය කාටත් පොදු එකක් විය යුතුයි. මොකක්ද අප්පා මේ වෙන්න යන්නේ...?
VIP වෙන රටක වැසියන්ද? ඒ අයව හොයාගන්නේ කොහොමද? වෙපන් ළඟ තියෙන අයද? අපේ රට ගැන නේද මේ කියන්නේ? VIP අය මැරෙන්නේ නැද්ද?
ඔන්න 69 ලක්ෂයක් වන ඔබ පැතූ එක රටක්, එක නීතියක් සංකල්පය... මුලින්ම විය යුත්තේ 100ක් පාර්ලිමේන්තු යවනවා කියලා පාරම්බාලා යන්තම් 10ක්-15ක් රිංගවා ගත්තා. පරණ හොරු කුඩු මුදලාලිලා, එතනෝල් කාරයින්, මාලකඩපු අය ඇතුලු සියලු හොරුන්ව තොගේට රිංගවා ගත්තා. ඔබට සතුටුයිද දැන්...?
ජනාධිපතිතුමා කිව්වේ තමරාජකාරිය කරන්න කවුරුහරි විරුද්ධ වුණොත් එතුමාට ඒ බව දන්වන්න කියලා. මට නම් මේ රටේ ප්‍රභූ කියලා ජාතියක් නැහැ.
මෙහෙ ජාති දැම්මට සෞදි අරාබියට ගියාම ‘‘ ශ්‍රී ලාංකීය‘‘ කියලා අතින් පෝලිමක් පෙන්නුවාම ඔලුව පාත් කරගෙන ඒ පෝලිමට යනවා. අපි අවුරුදු 13ක් විශ්‍රාම වැටුප් සහිත රජයේ සේවය පිටරට ගියේ කාටවත් ඔලුව පාත්කරන්න අකමැති නිසා..