
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත ඉරණවිල වෙරලේ තිබූ නාදුනන ධීවර යාත්‍රා දෙකක් අද (3) අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙසේ සොයා ගත් යාත්‍රා දෙක හඳුනා ගැනීමට නොහැකි ලෙස ලියාපදිංචි අංක මකා ඇති බවත් මෙය බොහෝ විට කල්පිටිය හා ආසන්න ප්‍රදේශයකට සම්බන්ධයක් තිබේ දැයි පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.
වෙරළට පැමිණි ධීවරයකු මෙම යාත්‍රා දෙක දැක ඇති බවත් ඉන් පසුව පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කර තිබිණී.
හලාවත පොලිස් සුනඛ ඒකකයේ ලැසි සුනඛයා යොදා ගනිමින් සැකකරුවන් හඳුනා ගැනීමට පරික්ෂණ අරඹා ඇති බව පොලිසිය කියයි.
එම යාත්‍රා යොදා ගනිමින් මුහුදු මාර්ගයෙන් කිසියම් නීතිවිරෝධී දෑ රැගෙන එන්නට ඇති බවත් ඒවා එම ස්ථානයට පැමිණි වාහනයකට පටවා රැගෙන යන්නට ඇති බවට ගම්වැසියෝ පවසති.
ඉරණවිල ප්‍රදේශවාසින් පවසන්නේ අද (3) අලුයම හදිසියේ විදුලි බිද වැටීමක්ද සිදුවු බවයි.
මෙම යාත්‍රා කුමන කටයුත්තට යොදා ගත්තා දැයි සොයා බැලීමට හලාවත පොලිසිය පුළුල් විමර්ශණ අරඹා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදින්ද....? මත් කුඩුද.....? අනවසර සංක්රමණකයිද.....? එසේත් නැතිනම් වෙනත් දෙයක්ද.....? මොකක් උවත් රටවටා මුහුදු තීරය නිරික්ෂණයට තව තවත් නිරික්ෂ ගුවන් යානා සහ නාවුක සහ වෙරළාරක්ෂක යාත්‍රා යොදන්නේ නම් මැනැවැයි කියා සිතෙනවා....
අපෝ.., කොරෝනත් එයි ඔය වගේ...
සති කිහිපයකට පෙර දළුව වෙරළ තීරයේ අයිතිකරුවන් නොමැති බෝට්ටු දෙකක් හමු විය...