
(අනීෂා මානගේ)
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 660ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් තිදෙනකු අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 660ක් සමඟ දෙබරවැව පාසලක් අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි.
තිස්සමහාරාම සහල් සංකීර්ණය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් බැගින් සන්තකයේ තබාගත් දෙදෙනකු සහ පන්නෙගමුව බොරළු පාරේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමඟ තවත් අයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd