
(*** සුජිත් හේවාජුලිගේ)
මරණීය දණ්ඩනය නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසබයට කැඳවීමට හැකියාව තිබේදැයි අධිකරණය අද හෙටම තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (2) පැවැසීය.
ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නීතිඥයන් දැනුම් දී ඇතැයිද මහ ලේකම්වරයා කීය.
මෙය අධිකරණය විසඳිය යුතු කටයුත්තක් යැයිද දසනායක මහතා ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මන්ත්‍රී ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙන හෙයින් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සඳහා ලබන 8 වැනිදා මැතිසබයට කැඳවාගෙන එන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 28 වැනිදා ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසබයට කැඳවාගෙන යෑමට හැකියාවක් නැතැයි නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.
මේ තත්ත්වය යටතේ ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම නීතිමය අර්බුදයක් දක්වා වැඩි දියුණුවන ආකාරයක් නිර්මාණය වනු පෙනෙන්නට තිබිණි.
මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින තමිල් මක්කල් විදුතලේ පුලිගල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඉකුත් සතියේදී මැතිසබයට කැඳවා ගෙන එනු ලැබුවේ ද අධිකරණයේ අවසරයක් ඒ සඳහා ලබාගැනීමෙන් පසුව යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ 2015 මහ මැතිවරණය අවස්ථාවේදී කහවත්ත ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි.
මරණීය දණ්ඩනය නියමකෙරුණු ජයසේකර මහතා මේ වන විට රඳවනු ලැබ සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.
ඔහු මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇත.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරගවැදුණු ප්‍රේමලාල් ජයසේකර මහතා දෙවැනියට වැඩිම මනාප ලබාගනිමින් එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලයාන් සැකකරුවෙක් පමණයි. ඒත් ප්‍රේමලාල් මරණීය දණ්ඩනය නියමවූ කෙනෙක්.
මෙයා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනි කෙනෙක්, මෙයාලා නැතුව කොහොමද අනේ රට කරන්නේ.
මහජන නියෝජිතයෙක් කියන්නේ රටේ ජනතාවටසේවය කරන කෙනෙක්. මරණ දඩුවමට නියමිත කෙනෙක් කොහොමද ජනතාවට සේවය කරන්නේ, අනක මේයා කරලා තියෙන්නෙත් දේශපාලනය වෙනුවෙන් මිනිමැරිමක්. මේවගේ අය මොනවට පාර්ලිමේන්තු ගෙන්වනවද?
ඔය මන්ත්‍රී අසුනට වෙන කිසිම කෙනෙක් නැද්ද.?
මම හිතන්නේ පාර්ලිමේන්තුව නීතිය පමණක් නෙවෙයි සදාචාරය ගැනත් හිතිය යුතුයි.
ප්‍රේමලාල් ජයසේකර නාමයෝජනා ලබාදෙන අවස්ථාව වනවිට මරණ දඬුවම ලැබූ කෙනෙකු නොවේ. මැතිවරණයට පැය කිහිපයකට පෙර තමයි දඬුවම් ලබාදී තිබුණේ එසේ එහෙයින් ඔහුට නාමයෝජනා ලබාදෙන ලද පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුනේ නැහැ .. මැතිවරණයේදී රත්නපුර ජනතාව ඔහුට ලක්ෂය ඉක්මවූ මනාපයක් පලකර තියෙනවා. අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ජනතාධිකරණය බලවත් බව පෙන්වමින් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සුදුසුකම් ලැබුවා.. ඔහු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් නීතිපති තමයි ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ කෙනා ඔහු අනිවාර්යයෙන් එරෙහි වෙනවා.. එ්ක සාමාන්‍ය දෙයක් අනික නීතිපතිගෙන් විමසිලිමත් වරදක් චෝදනා ගොනුකළ කෙනා නිසා අධිකරණය තමයි තිරණය කළ යුත්තේ... අනික ඔහුට පාර්ලිමේන්තු යන්න වරම අහුරන්න බැහැ... අභියාචනා කර තිබෙන නිසා
මොහු අපේක්ෂකත්වය ලබාගන්නකොට මොහු සැකකරුවෙක් විතරයි. ඒත් දැන් මොහු මිනීමරුවෙක් උසාවියෙන් මරණ දඬුවම දීපු කෙනෙක්. ඉතින් මේවගේ කෙනෙක් පාලිමේන්තුවට යන්න දෙන්න පුළුවන්ද? මොන විහිළුද මෙව්වා? නිකන් ලෝකයා හිනස්සන වැඩ...
මෙයාව ගෙනැල්ලා අහන්නේ කොහොමද පළිගන්නේ කියලා.
ඇයි රටේ මිනීමරු ජනතාව නියෝජනයට... නැවත වතාවක් අපේ රටේ ජනතාව බුද්ධිමත්කම ප්‍රදර්ශනය කර ඇත.
මිනීමරුවෙක් පාර්ලිමේන්තුවේ සිට ගනු ලබන තීන්දු තීරණවලට මහජන අප යටත් විය යුතුද?