
(නිමල කොඩිතුවක්කු)
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනේඩියානු මහකොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා අතර හමුවක් වෙළඳ අමාත්‍යාංශයේ දී අද (2) පැවැත්විණි.
මෙහිදී දෙරට අතර වෙළෙඳ සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ යෝජනා රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මෙරටදී නිෂ්පාදනය කෙරෙන සාම්ප්‍රදායික නොවන නිෂ්පාදනයන් සඳහා කැනඩාව තුළ වෙළඳපොල සැකසීමටත් එතුළින් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව වෙත වෙළඳ සහයෝගය ලබා දීමටත් කැනේඩියානු මහකොමසාරිස්තුමා විසින් එරට දී ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවය පළ කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, අපට නැතත් කැනඩාවෙ ඉන්න ලාංකිකයොහරි ලංකාවෙ වැවෙන ඒවා පාවිච්චි කරයිනෙ සැපට.