
(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වෙත ගියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ එක් සංකේතයක් ලෙස ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක පණිවිඩ පොතෙහි පණිවිඩයක් ද තැබුවේය.
රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී මෙන්ම පෞද්ගලික සංචාරයන්හි දී ප්‍රනාබ් මුකර්ජි මහතා, රාජ්‍ය තාන්ත්‍රික නායකයකු මෙන්ම, දේශපාලන මිතුරෙකු ලෙස ද බොහෝ අවස්ථාවල මුණ ගැසීමට ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ මහතා දැක් වූ උනන්දුව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩියා වගේ මුහුණ වහගන්නෙවත් නැතුව ඔයා ගියේ ඉන්දියාවේ ඉන්දියාවේ මහකොමසාරිස් හම්බවෙන්න කියලා අමතක වුණාද? නිරෝධායනය නොවී නම් එන්න එපා...
අපේ රටේ මිනිසුන්ට හොඳට කන්න තියෙනවා කියලා පේනවා අගමැති දැක්කම.