
(ඩයනා උදයංගනී)
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ , දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති බව තම මුහුණු පොතෙහි සටහන් කර ඇත.
තම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගෙන එසේ ලබාගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම ඇගේ අරමුණ බවද ඇය එහි සටහන් කර තිබේ.

ඇය සිය මුහුණු පොත් ගිණුමේ මෙම සටහන තැබීමෙන් පසු තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට කැමැත්ත ද පළ කර තිබේ.
දේවානි ජයතිලක මහත්මිය පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ වන නිලධාරිනියකි.
ඒ මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා වූ යෝජනාවකට සෘජු ලෙස විරෝධය පලකරමින් වර්තමානයේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සනත් නිශාන්ත මහතා සමඟ මත ගැටුමක යෙදුණු සිද්ධියක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟය.
“ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙන් ඇය සිය මුහුණු පොත් ගිණුමෙහි සටහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ තමන්ට අයත් කෑගල්ල ප්‍රදේශයේ ඉඩමක් මෙසේ හුවමාරු කරගැනීමට තීරණය කළ බවයි.
එහි කැලෑවක් නිර්මාණය කිරීමට තමන් සැලසුම් කර තිබූ බවත්, කුඩා කැලෑවක් නිර්මාණය කිරීමට වඩා සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යමක් කිරීම වැදගත් යැයි සිතුණු නිසා මෙම තීරණය ගත් බව ද ඇය කීවාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන තමන්ට සිංහරාජය වෙනුවෙන් රාජකාරී මට්ටමින් යමක් කළ නොහැකි නිසා පෞද්ගලිකව හෝ එයට දායකවීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට හරිහමන් පාරක් නැහැ කියලා ලෝක උරුමයක් වන සිංහරාජය හරහා පාරක් දමලා පැලැස්තරයකින් ප්‍රශ්නය වහන්න හදන දේශපාලුවන්ට මැයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..
ඇය උදාර කාන්තා රත්නයකි. මම ඔබට බොහෝ සේ ගරු කරමි.
ඔබතුමිය වගේ කොන්දක් තිබුණු රාජ්‍ය නිලධාරියෙක් රටේ ප්‍රධානියාට වක්‍රවාකාරයෙන් හෝ කළේ වැරැද්දක් බව තේරුම් කිරීම ගැන සතුටු වෙමි. මෝඩ පාලකයන් උගත් අයගේ අදහස් පිළිගත යුතුයි. නමුත් ඔබතුමියගේ ජීවිතය ගැන ලොකු අවදානමක් දැන්... පරෙස්සම් වෙන්න. උගතුන්ට රටේ තැනක් නැහැ.
මෙවැනි අය තවතවත් ලංකාවේ බිහිවෙනවා නම් කොච්චර දෙයක්ද?
අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබා මහජන මුදලින්ම වැටුප් ලබමින් තමන් උපන් රටේ පරිසරය ආරක්ෂා කිරීමට උත්සාහ කරන "ඔබතුමියට" යහපතක්ම වේවා!!! තමන්ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා !!!
උදාරයි. ඒත් හෙමින්, හෙමින්, ප්‍රවේශමෙන්.
යක්ෂ ගැහැණියක්, රට වෙනුවෙන් නිසා එයා කිසි කෙනෙකුට බය නැහැ. සනත් නිශාන්ත කවුද අප්පා? බයියන්ටම හොඳයි..
සංරක්ෂිතයේ පොල් හාටවන අය ඉන්න අපේ රටේ ඔබතුමිය අපට වීරවරියක්...
තෙරුවන් සරණයි... බස් දුවන පාරක් කියන්නේ ගමක, නගරයක මූලාරම්භයයි. මහජනතාවගේ ඇස් දැන්වත් ඇරේවා...
මමත් බොහොම ගරුකරන නිලධාරිනියක්... ඒ වගේම උතුම් ශ්‍රී ලාංකික දුවෙක්...!!! මීගමුවේ කඩොල් කැලේ කපලා ක්‍රීඩා භූමියක් හදන්න " නූගත් දේශපාලුවෙක් " මිනිහගේ නැට්ටෝ ටිකත් එක්ක සූදානම් වුණු වේලාවේ ඒ පරිසරය රැකගත්තේ මෙතුමියයි. දේවානි කියන නමෙන් ගම්‍ය වෙන්නෙත් "දෙවියන් වෙනුවෙන් .." වැනි අර්ථයක්. ඔව් දෙවියන් විසින්, දෙවියන් වෙනුවෙන් මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න එවපු මිනිස් දුවක් ඔබ... ඔබතුමියට මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න යෝධ ශක්තියක් ලැබේවා. ඔබතුමියට, බුදුන්ගේත්, සියලුම දෙවියන්ගේත් ආරක්ෂාව ලැබේවා...!!!
දේවානි ජයතිලක මහත්මිය, අපි ඕවා ගැන ඕනෑවට වඩා කම්පා වෙලා ඵලක් නැහැ. බත් කන හරක් සිටින රටක ගහකොළ, වනාන්තර තබා තණකොළ ගහකටවත් කොහෙද වටිනාකමක් තියෙන්නේ? දැන් මේ රටේ සංවර්ධනයට බාධාවක් වෙලා තියෙන්නේත් පරිසර වේදියෝ කියලනේ අයිතිකාරයොත් කියන්නේ...
දේවානි කියන්නේ දෙවියන් වෙනුවෙන් නොව, දෙවැනි තැන යන්නයි. ඒ කියන්නේ මේ නිලධාරිනිය කරනවා වගේ ලොව පළමු තැන සිටින අපේ රට දෙවැනි තැනට දැමීමයි. නියමෙට ගැලපෙන නමක්...
ඔන්න ජනාධිපතිතුමෝ, තවත්නං ඔබතුමාව මේ සම්බන්ධයෙන් ගොඩදාන්න මට නං බැරි වෙයි. ඡන්දෙට කලිනුත් මම කිව්වා ඔය පුත්තලමව එළවන්න කියලා, ඒත් ඒක එහෙම වුනේ නෑ. ඒ කියලා එයා හැදිලත් නෑ. ඔය පෙන්නන්නේ ළඟ එන පොහොට්ටු මළගමක සොහොන් ලකුණු වෙන්නත් බැරි නෑ. මේ නිලධාරිනියටත් වියත්මග හැන්දෙන්ම බෙදනවා නං තමයි වටින්නේ. අපේ ගෙදර ඡන්ද 10ක් තියනවා, අපරාදෙ, ඒවට පාවෙන්න නං දෙන්න එපා.
රටේ නායකයාට පරිසර පාඩම උගන්වන අභීත කාන්තාවක්. ඔබට අපේ ප්‍රණාමය...!!!
දේවානිගේ කතාව ඉහළින්ම අගය කරනවා. වැසි වනාන්තර කපා හෙලන, රක්ෂිත ගිනි තියන, කඩොලාන ගිනි තියන දේශපාලන කූඩැල්ලන් කරන්නේ පරිසරය නමැති රුධිරය උරා බී රට කාන්තාරයක් කිරීම. සහරා කතර පරදන සෞභාග්‍යය!!!
ඔය කමෙන්ට් දාපු අය කී දෙනෙක් මෙතුමියට කතිරෙ ගහයිද?
සිංහරාජය කපලා තුනී ලෑලි හදන්න කටයුතු කලේ 70 - 77 කාලේ. ඒ පරම්පරාවේ අය තමයි අද මේවා කරන්නේ...
රටට ආවේණික සතුන්ගෙන් 75%ක් ඉන්නේ සිංහරාජේ. මිරිදිය මාලු විශේෂ 19ක් ඉන්නවා. ආවේණික කුරුලුවර්ග 150ක් හඳුනාගෙන තියෙනවා. ලංකාවට ආවේණික ශාකවලින් 60%ක් තියෙන්නේ සිංහරාජෙ. ඒවා බොහොමයක් වඳවීමේ තර්ජනයට ලක් වූ ඒවා. මෙන්න මේ නිසයි සිංහරාජෙ ලෝක උරුමයක් කියන්නේ. අවුරුදු පතාම සිංහරාජෙන් අලුත් ශාක සහ සත්ව විශේෂ හොයාගන්නවා. මුලු ප්‍රදේශයම පරීක්ෂාවට ලක් කළොත් තව හුඟාක් හම්බවේවි. ඒකයි මේ නෝනා සිංහරාජෙ රකින්න මෙච්චර් උනන්දු. ඒත් ඔය ගම්වල අයටයි දේශපාලකයින්ටයි ඊනියා පරිසර වේදීන් යැයි කියන පරිසර පාලුවන්ට තේරෙන්නේ නෑ. රටම කාන්තාරයක් වූ දවසට පින්තූර බලබලා හිටියැහැකි අනාගත පරපුරට. මේ අයට ලොකු කතිරෙයි, සල්ලියි විතරයි.
ඔබතුමියට හිසනමා ආචාර කරමි. යන එන තැනක සුදු වෑන් හමුවුණොත් පරිස්සමින්...
මට පෙනෙන්නේ ජනප්‍රිය වීමේ අවශ්‍යතාවයක් ඇති බවකි.
රටේ පාලකයාට දැන්වත් ඇස් ඇරේවා. මේ රටේ පරිසරයට පෟද්ගලික බලාපොරොත්තු නැතුව ආදරය කරන මිනිසුන් ඉන්නා බව තේරැම් ගන්න.
හැමෝගෙම රෙදි ගලවා ඇත.
වතුර බිංදුව බිංදුව වැටෙනකොට කෝප්පයක් පිරෙනවා. හැබැයි අවුරුදු 20ක් විතර යනකොට සිංහරාජය.???
ලංකාගම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලබාදිය යුතුයි.
ජනතාවට ඕනි ටකරං දෙකක්, සිමෙන්ති මිටියක් සහ රැවටෙන්න පොරොන්දු ටිකක්...
අගමැති පුටුවේ තියන්න ඕන මේ වගේ රට ගැන ආදරේ මිනිස්සු.
ලංකාගමේ ඉන්න බයියන් ඔක්කොම වෙන කොහාටහරි එළවලා මේ වටිනා වනාන්තරය රැකගත යුතුයි. ඔය ගමේ ඉන්න කට්ටිය කැලෑව ලස්සනට විනාශ කරනවා. වෙනිවැල් ජාවාරම කරන්නේ ඔය කට්ටිය තමයි. ඒ මදිවට තවත් පාලමක් මොනවටද..? ඔය තියෙන්නේ පාලමක්. ඡන්දයකට වටිනා කැලෑවක් හුවමාරු කරගත්ත එකම බයියන්ගේ රට...